සැප්තැම්බරයේ පළමු පාර්ලිමේන්තු සතිය අදින් ඇරඹේ

සැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අද (09) ආරම්භ වනවා.

ඒ, අනුව අද (09) දිනයේ සිට ලබන 12 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

මේ අතර අද (09) දිනයේ දී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කතානායකවරයාගේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතව තිබෙනවා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අදාළ විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට පසුගිය අගෝස්තු 12 වනදා භාරදෙනු ලැබුවා.

මේ අතර හිටපු ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද අහෝසි කිරීම සඳහා කෙටුම්පත් කර ඇති 1986 අංක 4 දරණ ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමේ කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම්වල තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය ද කතානායකවරයා වෙත යොමුකරනු ලැබුවා.

ඒ, අනුව එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (09) දිනයේ දී බොහෝ විට කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?