මිරිහාන පොලිස් වසමේ පැඟිරිවත්ත ප්‍රදේශයේදී 2022.03.31 වන දින බස් රථයක් ඇතුළු රජයේ දේපළ වලට ගිනි කිරිම හා අලාභ හානි සිදු කිරීමේ සිද්ධියට අදාලව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේවන විට විමර්ශන සිදු කරමින් පවතින අතර මෙම හානි සිදු කිරීමට සම්බන්ධ සැකකරුවන් 08 දෙනෙකුගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනිම සදහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටි.
මෙම ඡායාරූප වල සිටින සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් WhatsApp මඟින් හෝ ඇමතුම් මගින් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි .

















