2024 වර්ෂයට පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවත්වන සියලු ම උපකාරක පන්ති එළඹෙන 11 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව නිවේදනය කර තිබෙනවා.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් අදාළ නිවේදනය සිදු කරන ලද අතර සියලු ම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු, සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය හරහා සහාය වීම ආදිය මාර්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.
මෙවර අ.පො.ස. (සා/පෙළ) විභාගය මාර්තු 17 වනදා ආරම්භ වීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1