සාර්ථක පුරවැසියෙක් යනු හොඳ රැකියාවක් කිරීම නොවෙයි – අගමැතිනිය

සාර්ථක පුරවැසියෙක් යනු හොඳ රැකියාවක් කිරීම ම නොව අනෙකාගේ අපහසුතා පිළිබඳ, කාන්තාවන්ගේ කාරණා පිළිබඳ සංවේදී වන පුරවැසියෙක් ලෙස සමාජයේ ජීවත් වීමට අවබෝධයක් ඇති අයෙකු වීම බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

නව යෞවනයේ සනීපාරක්ෂාව පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (17) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනක දී අගමැතිනිය මේ බව පැවසුවා.

මෙහිදී නව යොවුන්වියේ සනීපාරක්ෂාව පිළිබඳ ව විශේෂ දේශනය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අසාන්ති ප්‍රනාන්දු බලපිටිය මහත්මිය විසින් සිදු කළා.

වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය;

”සනීපාරක්ෂාව අධ්‍යාපනයට සෘජුවම සම්බන්ධයි කියලා අපි විශ්වාස කරනවා. සමහර අයට හිතෙන්න පුළුවන් මොකක්ද අධ්‍යාපනය, සනීපාරක්ෂාව සමඟ තියෙන සම්බන්ධය කියලා. සනීපාරක්ෂාව සියලු දෙනාගේම අයිතියක් සියලුදෙනාටම අවශ්‍ය දෙයක් සහ දත්ත අනුව පෙන්නුම් කරනවා. සනීපාරක්ෂක පහසුකම් හරියට පාසලක් තුළ නොතිබීම නිසා විශේෂයෙන් අඩු පහසුකම් තියෙන පාසල්වල ගැහැණු දරුවන්ට මාසෙකට සැරයක්වත් අධ්‍යාපනය අතපසු වෙනවා. ඒ වගේම තමයි සමාජය තුළ ඔවුන්ට නිදහසේ අවශ්‍ය පරිදි ගැවසෙන්න තියෙන අයිතිය සීමා වෙනවා. ඒ සනීපාරක්ෂක පහසුකම් හරියට නැතිවීම හේතුවෙන්. ශිෂ්‍යාවන් වන ඔබ විතරක් නෙවෙයි අපි සියලු දෙනාත් මේ අත්දැකීම ඕන තරම් විඳලා තියෙනවා. පාසල තුළ විතරක් නෙවෙයි. පොදු පහසුකම් අවම වීම තුළින් කාන්තාවන් මේ අපහසුතාවට පොදු සමාජයේ දි මුහුණ දෙනවා.

සනීපාරක්ෂාව කියන එක අතිශයින්ම වැදගත්. ඔබ අහන්න පුළුවන් පිරිමි අපිට මොකක්ද මෙතන දැනගන්න තියෙන දේ කියලා. මේක ගැහැණු ප්‍රශ්නයක් නේ ඒගොල්ලොම විසඳ ගත්තම ඉවරයි කියලා. නමුත් ඔබටත් සනීපාරක්ෂක ගැටළු තිබෙනවා. ඒ වගේම ගැහැණු දරුවන් යම් අපහසුතාවකට පත් වෙනවා නම් ඒ පිළිබඳව සංවේදී වෙන්න පිරිමි පාර්ශ්වයට අවබෝධයක් සහකම්පනයක් තිබිය යුතුයි.

සාර්ථක පුරවැසියෙක් කියන්නේ හොඳ රැකියාවක් කරන එකම නෙමෙයි. සමාජයේ කිසියම් කෙනෙක් අපහසුතාවයෙන් ඉන්නවා නම් ඒ පිළිබඳ සංවේදීවෙන්න පුලුවන් වෙන්න ඕන. කාන්තාවන්ගේ සංවේදී කාරණාවලදි සහකම්පනයක් ඇති වෙන්න ඕන. ඒ වගේම පුරවැසියෙක් ලෙස සමාජයේ ජීවත් වෙන්න අවබෝධයක් ඔබට තියනවා නම් තමයි ඔබ සාර්ථක.

මෙතනින් ආරම්භ කරලා පාසල් මට්ටමින් සනීපාරක්ෂාව පිලිබඳ දැනුවත් කිරීම් අපි සිදු කරනවා. අධ්‍යාපනය කියන එක විශාල මාතෘකාවක්, මේ සමාජයට, මේ ප්‍රජාවට වැදගත් වන, නායකත්වය දෙන්න පුළුවන්, සමාජය තුළ සියලුම දෙනා සුවපත් කරන්න පුළුවන් ඊළඟ පරපුරක් බිහිකිරීමයි අධ්‍යාපනයෙන් සිදු වෙන්න ඕන. එකිනෙකා පිළිබඳ ගරුත්වය, එකිනෙකාට සළකන ආකාරය ඇතුළු සියල්ල අධ්‍යාපනය තුළ තිබිය යුතුයි.
ඒ නිසා සනීපාරක්ෂාව කියන එක සෞඛ්‍යයට පමණක් සීමා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සනීප ආරක්ෂාව කියන්නේ ඔසප් චක්‍රය පිළිබඳව කතා කරන එකම විතරක් නෙමෙයි. සනීපාරක්ෂාවට අවශ්‍ය පහසුකම් පාසල් තුළත්, පොදු සමාජයක් තුළත් තිබීම මූලික අයිතිවාසිකමක් ලෙස රජය සලකනවා. සනීපාරක්ෂාව හංගන්න ඕන දෙයක් නෙවෙයි.

ඒ වෙනුවෙන් සමාජය මීට වඩා එකිනෙකාට ගරුත්වය තියෙන සමාජ සාධාරණත්වය හා සමානාත්මතාවය තියන, එකිනෙකාව ආරක්ෂා කරන, එකිනෙකාව රැකබලා ගන්න, මනුෂ්‍යත්වයට මුල් තැන දෙන සමාජයක් බවට පත් කළ යුතු” යැයි අමාත්‍යවරිය පැවසුවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන්, පාසල් සිසුන් ගුරුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34