සාදයක් අතර තුර නාන තටාකයේ ගිලී තරුණයෙකු ජීවිතක්ෂයට

ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකු එම හෝටලයේ නාන තටාකයේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (12) සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයා හෝටලයේ පැවති සාදයකට සභාගිවී සිට ඇති අතර, එහිදී ඔහු බීමත්ව නාන තටාකයේ දිය නෑමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී ඔහු ගියේ ගිලී ඇති අතර, පසුව ඔහු ගොඩගෙන දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමටයි එහි සිටි පිරිස් කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් ඔහු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?