AFC Banner
Empty Ad
Empty Ad

සාගල සහ සුසිල්, මහින්ද හමුවෙයි – රනිල්ට පොහොට්ටුවේ සහාය ඉල්ලයි

ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද (27) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වී තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ, විජේරාම ප්‍රදේශයේ පිහිටි නිල නිවසේ දී මෙම හමුව සිදුව ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙහිදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහාය ලබාගැනීම පිළිබදව සාකච්ඡාකර ඇති බවයි වාර්තා වන්නේ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ සඳුදා එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය සමඟ සාකච්ඡා කර තීන්දුව දැනුම් දෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
17
+1
4
+1
0
+1
2
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?