සාගරිකාට වෙන්න ගිය අනතුර වැළකූ සමන්තට මොරටුවෙන් ඇගයීමක්

පසුගියදා මොරටුවේ දී සිදු වීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට සිය ජීවිතය පරදුවට තබා කටයුතු කළ සමන්ත මහතාට විශේෂ ඇගයීමක් අද (13) සිදු කෙරුණා.

ඒ මොරටුව මහ නගර සභාවේ නගරාධිපති නිශාන්ත ප්‍රනාන්දු මහතාගේ සුරතින්.

එදින පෙරවරුවේ ධාවනය වෙමින් තිබූ ‘සාගරිකා’ දුම්රිය ඈතින් එනු දුටු සමන්ත දැක තිබුණේ රේල් පාරේ පීල්ලක කැඩී වෙන් වී ඇති අයුරුයි.

වහාම දුව ගොස් රතු පැහැති රෙදි කැබැල්ලක් ගෙන දුම්රිය එන දෙසට රියදුරුට පෙනෙන සේ වනමින් දුම්රිය නවත්වාගන්නටයි සමන්ත සමත් වූයේ.

මෙම ඇගයීමේ අවස්ථාව සඳහා නාගරික කොමසාරිස් මනෝජා එස් පතිරණ, නියෝජ්‍ය නාගරික ලේකම් තාරක මුණසිංහ, මාතර ගරාජ් හි අධිපතිතුමා ඇතුළු නාගරික මන්ත්‍රීවරු සහභාගි වුණා.

එහිදී මාතර ගරාජ් හි අධිපතිතුමා විසින් සමන්ත හට මුදල් ත්‍යාගයක් ද පිරිනැමුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
7
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?