සාගරිකාට වෙන්න ගිය අනතුර වැළකූ සමන්තට මොරටුවෙන් ඇගයීමක්

පසුගියදා මොරටුවේ දී සිදු වීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට සිය ජීවිතය පරදුවට තබා කටයුතු කළ සමන්ත මහතාට විශේෂ ඇගයීමක් අද (13) සිදු කෙරුණා.

ඒ මොරටුව මහ නගර සභාවේ නගරාධිපති නිශාන්ත ප්‍රනාන්දු මහතාගේ සුරතින්.

එදින පෙරවරුවේ ධාවනය වෙමින් තිබූ ‘සාගරිකා’ දුම්රිය ඈතින් එනු දුටු සමන්ත දැක තිබුණේ රේල් පාරේ පීල්ලක කැඩී වෙන් වී ඇති අයුරුයි.

වහාම දුව ගොස් රතු පැහැති රෙදි කැබැල්ලක් ගෙන දුම්රිය එන දෙසට රියදුරුට පෙනෙන සේ වනමින් දුම්රිය නවත්වාගන්නටයි සමන්ත සමත් වූයේ.

මෙම ඇගයීමේ අවස්ථාව සඳහා නාගරික කොමසාරිස් මනෝජා එස් පතිරණ, නියෝජ්‍ය නාගරික ලේකම් තාරක මුණසිංහ, මාතර ගරාජ් හි අධිපතිතුමා ඇතුළු නාගරික මන්ත්‍රීවරු සහභාගි වුණා.

එහිදී මාතර ගරාජ් හි අධිපතිතුමා විසින් සමන්ත හට මුදල් ත්‍යාගයක් ද පිරිනැමුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15