ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සෙනසුරාදා

ස්වර්තස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්ස්ගේ අවමංගල්‍යය කටයුතු අප්‍රේල් 26 වන සෙනසුරාදා දේශීය වේලාවෙන් රාත්‍රී 10:00ට සිදුවන බව වතිකානය නිවේදනය කර තිබෙනවා.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්ස් ඊයේ (21) පෙරවරුවේ ස්වර්ගස්ථ වූ බව වතිකානය දැනුම් දුන්නා.

ස්වර්ගස්ථවන විට උන්වහන්සේ 88 වන වියේ පසු වුණා.

මේ අතර වතිකානය දැනුම් දෙන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්ග දේහය බදාදා (හෙට0 උදෑසන ශාන්ත පීතර බැසිලිකාවට රැගෙන යන බවයි.

පාප් වහන්සේගේ දේහය භූමදානය කරන තෙක් මහජන ගෞරවය සඳහා එහි තැන්පත්කර තබන බවයි වාර්තා වන්නේ.

උන්වහන්සේගේ දේහය දැනට උන්වහන්සේ වසර 12ක පාප් පදවියේ ජීවත් වූ සැන්ටා මාර්ටා හි තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?