ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයෙන් දුර ගමන් සේවා දුම්රිය අවලංගුයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුරගමන් සේවා දුම්රිය ධාවනය සීමාකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ අද (17) පෙරවරුවේ යාපනය, බදුල්ල ඇතුළු දුර ගමන් සේවා දුම්රිය අවලංගුකර ඇති බවයි.

කෙසේ වෙතත් ගාල්ල, මීගමුව සහ ⁣වේයන්ගොඩ දක්වා දුම්රිය ධාවනයට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය ස්ථානාධිපතිවරුගේ සංගමය ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.

මේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනය කිරීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?