2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය අතර තීරණාත්මක තරගය අද (06) පැවැත්වේ.
තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ මෙතෙක් පැවැති තරගවල ප්‍රතිඵලවලට අනුව ලකුණු 8ක් ලැබූ ශ්‍රී ලංකාව මේ වන විට ද ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා අවසන් ය.
අද දිනයේ පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය අනුව ඊට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තීරණය වේ. අද තරගයට එක්වන ස්කොට්ලන්තය ලකුණු 6ක් ලබා සුදුකම් ලැබීමේ වටයේ දෙවැනි ස්ථානයේ රැඳී සිටි.
කෙසේ නමුත් ඔවුන්ට හිමි දළ ලකුණු රැස් කිරීමේ වේගය 0.296 කි. ප්‍රතිවාදී නෙදර්ලන්තය ලකුණු 4ක් ලබා සුපිරි 6 දෙනාගේ ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ රැඳී සිටි.
ඔවුන් පවත්වාගෙන යන දළ ලකුණු රැස් කිරීමේ වේගය සටහන් වන්නේ -0.042 ක් ලෙසයි. අද දිනයේදී ස්කොට්ලන්තය තරගය ජය ගතහොත් ඔවුන්ට ලෝක කුසලාන තරගාවලියට එක් වීමේ අවස්ථාව හිමි වේ.
යම් හෙයකින් නෙදර්ලන්තය තරග ජය ගැනීමට සමත්වුවහොත් දෙපිලේම ලකුණු සංඛ්‍යාව 6ක් ලෙස සමාන අගයක් ගනු ඇති.එවිට දළ ලකුණු රැස් කිරීමේ වේගය අනුව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තීරණය වේ.




