ප්‍රසිද්ධ නමක් වංචනිකව යොදාගෙන හොර බීඩි හැදූ හතරක් අත්අඩංගුවට

ප්‍රසිද්ධ බීඩි සමාගමකට අයත් වෙළඳ ලාංඡනයක් වංචනික ලෙස උපයෝගී කරගනිමින් බීඩි නිෂ්පාදනය කර වෙළඳපොළට මුදාහැරීමක් සම්බන්ධව කකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් ඊයේ (16) දින සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරුවන් වයස අවුරුදු 31ත් 62ත් අතර වයස්වල පසුවන පමුණුගම, නාරන්ගොඩ සහ කිඹුලාපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සමඟ ප්‍රසිද්ධ බීඩි සමාගමකට අයත් වෙළඳ ලාංඡනය යටතේ නිෂ්පාදනය කර බෙදැහැරීමට තිබූ ව්‍යාජ බීඩි තොගයක් ද පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14