සහල් කිලෝ 03 එක් පුද්ගලයෙකුට සති දෙකකට ඇති

සහල් කිලෝ 03ක් ඇතුලත්ව සතොස ආයතනය විසින් ලබා දෙන සහන මල්ල සතියකට හෝ දෙකකට ප්‍රමාණවත් යැයි තමන් අදහස් කළේ එක් පුද්ගලයෙකුට මිස පවුලකට නොවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

වෙළඳපොල තුළ රුපියල් 1300ක් පමණ ද‍්‍රව්‍ය රුපියල් දහසක මිලකට එම සහන මල්ලෙන් ලබා දෙන බවද ඔහු පැවසීය.

මෙම ජනතාවාදී කටයුත්ත සිදු කිරීමේදී එක වචනක වරදක් අල්ලාගෙන ඉතා නරක ලෙස සංවිධානාත්මක පහරදෙමින් ඇතැයිද අමාත්‍යවරයා කීය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?