සහල් ආනයනයෙන් දේශීය වී මෝල් හිමියන් අමාරුවේ

රට තුළ සහල් හා වී හිඟයක් ඇති බව පවසමින් සහල් ආනයන කිරීම මඟින් දේශිය ගොවියාට සහ වී මෝල් හිමියන්ට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පවසනවා.

පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ 2021 වර්ෂයේදී සහල් අනයනය කිරීමේ දී සහල් කිලෝවකට රුපියල් 50කව තිබූ බද්ද ශත විසිපහට අඩුකිරීම හේතුවෙන් රට තුළට අනවශ්‍ය අයුරින් සහල් ආනයනය කර ඇති බවයි.

දේශිය වෙළඳපොළේ විදේශිය සහල් අඩුමිලකට අලෙවි කිරීමත් සමඟ දේශියව නිෂ්පාදනය කරන සහල් අලෙවි නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එලෙස දේශීය සහල් අලෙවිය අඩුවීමත් සමඟ රටපුරා සහල් මෝල් රැසක් මේවන විටත් වසා දැමීමට සිදුව ඇති බව සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

රටතුළ ඇති වී මෝල් දහසෙන් 750ක් පමණ මේ වනව්ට වැසී ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සහල් අනයනය නතර කර දේශිය ගොවියාගේ වගාවට අවශ්‍ය යෙදුම් සියල්ල රජයේ මැදිහත්වීම මත ලබා දී දේශිය සහල් මිල අඩුකර පාරිභෝගිකයාට සහන ලබාදිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

හුදෙක් පෞද්ගලික ලාභ අරමුණු කරගනිමින් විදෙස් රටවලින් මෙරටට සහල් අනයනය සිදුකරන බවයි එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මෙහිදී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59