spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සහල් ආනයනයෙන් දේශීය වී මෝල් හිමියන් අමාරුවේ

රට තුළ සහල් හා වී හිඟයක් ඇති බව පවසමින් සහල් ආනයන කිරීම මඟින් දේශිය ගොවියාට සහ වී මෝල් හිමියන්ට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා පවසනවා.

පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ 2021 වර්ෂයේදී සහල් අනයනය කිරීමේ දී සහල් කිලෝවකට රුපියල් 50කව තිබූ බද්ද ශත විසිපහට අඩුකිරීම හේතුවෙන් රට තුළට අනවශ්‍ය අයුරින් සහල් ආනයනය කර ඇති බවයි.

දේශිය වෙළඳපොළේ විදේශිය සහල් අඩුමිලකට අලෙවි කිරීමත් සමඟ දේශියව නිෂ්පාදනය කරන සහල් අලෙවි නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එලෙස දේශීය සහල් අලෙවිය අඩුවීමත් සමඟ රටපුරා සහල් මෝල් රැසක් මේවන විටත් වසා දැමීමට සිදුව ඇති බව සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

රටතුළ ඇති වී මෝල් දහසෙන් 750ක් පමණ මේ වනව්ට වැසී ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සහල් අනයනය නතර කර දේශිය ගොවියාගේ වගාවට අවශ්‍ය යෙදුම් සියල්ල රජයේ මැදිහත්වීම මත ලබා දී දේශිය සහල් මිල අඩුකර පාරිභෝගිකයාට සහන ලබාදිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

හුදෙක් පෞද්ගලික ලාභ අරමුණු කරගනිමින් විදෙස් රටවලින් මෙරටට සහල් අනයනය සිදුකරන බවයි එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මෙහිදී සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?