spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සහල් ආනයනයට කිසිදු අවසරයක් නැහැ – රංජිත් සියඹලාපිටිය

සහල් ආනයනය සඳහා කිසිදු අවසරයක් ලබා දී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

සංචාරක හෝටල්වල අවශ්‍යතාවය සඳහා පමණක් මෙරට නිෂ්පාදනය නොකරන බාස්මතී සහල් එම අවශ්‍ය ප්‍රමාණයට ආනයනයට අවස්ථාව ලබා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

සහල් ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බවට නඟන චෝදනාවලට අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී පිළිතුරු ලබාදෙමින් පහු මෙම අදහස් පළකර සිටියා.

පසුගිය පෙබරවාරි මාසයේ දී සහල් හිඟයක් ඇතිවීමේ අවධානමක් මතු වූ අවස්ථාවේ පමණක් සහල් ආනයනය කිරීමට රජය අවස්ථාවක් ලබාදුන් බව ද මෙහිදී අමාත්‍යවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?