සහරාන් හෂීම් අල්ලන්න බැරි වීම පිටිපස දේශපාලන බලපෑමක්

ජනපති කොමිසමේදී හෙළි වෙයි

2017 වර්ෂයේ කාන්තන්කුඩි අල්ලියාර් මංසන්දියේ ඇතිවු ගැටුමෙන් පසු සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට නොහැකි වීමට යම් දේශපාලන බලපෑමක් හේතු වූ බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා. 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙම අදහස් පල කලේ සහරාන් හෂීම් සහ ජාතික තව්හිද් ජමාත් සංවිධානයට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ පැවති ගොනු සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේදී සාක්ෂි ලබාදෙමින්.

සහරාන් සහ රිල්වාන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් යම් හේතු විමසීමක් සිදුකළේ දැයි මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විමසා සිටියා. 

යම් දේශපාලනික හේතුවක් ඇති බවට තමාට වැටහුණු බවත් එය ප‍්‍රාදේශිය වශයෙන් තිබූ සුවිශේෂි තත්ත්වයක් බවත් එහිදී ඔහු කියා සිටියා.

මේ අතර, සහරාන් හෂීම් සහ ජාතික තව්හිද් ජමාත් සංවිධානයට එරෙහිව නෛතික උපදෙස් ලබාගැනීම සඳහා පාස්කු ප‍්‍රහාරයට පෙර ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකළ ගොනු දෙකක් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඊයේ සාක්ෂි විමසීම සිදුකලා. 

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසුවේ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය එවූ පළමු ගොනු දෙකෙහි නෛතික උපදෙස් දීමට තරම් ප‍්‍රමාණවත් කරුණු නොතිබූ බවයි. 

එහෙත් එවා තිබූ තුන්වන ගොනුවේ ඉතා වැදගත් තොරතුරු තිබූ නමුත් එය ලැබෙන්නේ ප‍්‍රහාරයෙන් පසු මැයි 06 වනදා බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?