සහන කණ්ඩායම් සඳහා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

ආපදාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා දායකත්වය ලබාගෙන සහය කණ්ඩායම් සඳහා ආපදාවට පත් වූ ප්‍රදේශවලට ප්‍රවේශවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබෙන විශේෂ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාෂකවරයා සහාය කණ්ඩායම්වලින් ඉල්ලා සිටිනවා.

ඇතැම් සහය කණ්ඩායම් විසින් ආපදාවට පත්වූවන් සඳහා ලබාදෙන වියලි ආහාර, පිසූ ආහාර ඇතුළු සහනාධාර ද්‍රව්‍ය විපතත් පත් වූවන්ට ලබා දීමේදී යම් යම් බාධාවක් සහ ප්‍රමාදයන් නිරීක්ෂණය වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම ආපදාවට ලක්වූ ප්‍රදේශවල මාර්ග පිළිසකර කරමින් තිබිය දී විශාල වශයෙන් සහන කණ්ඩායම් පැමිණීමද එම කාර්යයට බාධාවක් වී ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව එම තත්ත්වයන් කළමනාකරණය සඳහා පොලිසිය විසින් පිහිටුවා ඇති විශේෂිත මෙහෙයුම් මැදිරිය සමඟ සම්බන්ධ වීමට විශේෂිත දුරකථන අංක 04ක් පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා.

071 859 58 84, 071 859 58 83, 071 859 58 82, 071 859 58 81, 071 859 58 80 යන දුරකථන අංක ඔස්සේ විශේෂ මෙහෙයුම් මැදිරිය සමඟ සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම ආපදා සහන කණ්ඩායම් ආපදාවට ලක් වූ ප්‍රදේශවලට ළඟා වීමේදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම් සඳහා ද පොලිසිය බැඳී සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?