සහනය පාරිභෝගියාට නොදුන්නොත් ඇතැම් භාණ්ඩවලට පාලන මිලක්

රජය විසින් ලබාදෙන සහන පාරිභෝගියාටද ලබාදීමට ව්‍යාපාරික ප්‍රජාව කටයුතු නොකළහොත් ඇතැම් භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීමට සිදුවන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

පාරිභෝගික පනත සංශෝධනය කිරීම සඳහා අදාළ යෝජනා ඉදිරි සති දෙක තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැළසුම් කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ස්ථාවර රටකට සැවොම එක මඟකට, මැයෙන් අද (19) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමි ඔහු මෙම අදහස් පළ කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“පසුගිය වසර කිහිපය තුළ පැවති අර්බුද සමය අවසන් කිරීමට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වෙනුවෙන් සුවිශේෂ නායකත්වයක් ලබා දුන්නා. රජයක් ලෙස අප මෙම සාර්ථකත්වය ලබා ගැනීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා. එහි සාර්ථක ප්‍රතිපල ජනතාවට මේ වන විට භුක්ති විදීමට ලැබෙමින් තිබෙනවා.
ඒ වගේම ජනතාවට මේ වන විට සහන සහ වරප්‍රසාද ලබා දීමට හැකිවී තිබෙන්නේ පසුගිය වසර දෙක තුළ සිදු කළ ආර්ථික ප්‍රතිපත්ති නිසා බවද සඳහන් කළ යුතුයි. එමඟින් උද්ධමය පාලනය කිරීමට හැකියාව ලැබුණා. ඒ වගේම මේ වන විට ජනතාවගේ ආදායම වැඩි කිරීම සඳහාද වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම බැංකු පොළිය අඩු කිරීමේ සහනය ලබාදීම වෙනුවෙන් මහ බැංකුව විසින් අවශ්‍ය ප්‍රතිපත්ති තීන්දු තීරණවලට එළඹී තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ ජනතාවට තවත් සහන ලැබෙන බව අපට විශ්වාසයි.
ඒ, වගේම පාරිභෝගික පනත සංශෝධනය කිරීම සඳහා නීති වෙනස් කර තිබෙනවා. ඉදිරි සති දෙක තුළ ඊට අදාළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. තවද පාරිභෝගිකයා සහ වෙළෙන්දා අතර පවතින අවබෝධය වැඩි කිරීමට ද කටයුතු සැළසුම් කර තිබෙනවා.
එපමණක් නොවෙයි, මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ 15 ක් සඳහා සතියකට වරක් අප මිල ප්‍රකාශ කිරීමක් සිදු කරනවා.නමුත් රජය විසින් ලබා දෙන සහන පාරිභෝගිකයාට නොලැබෙන බවක් නිරීක්ෂණය වෙනවා. මේ සම්බන්ධව ඉදිරි දින කිහිපය තුළ වෙළඳ සංගම් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අප විසින් ලබාදෙන සහන පාරිභෝගියාට ලබා නොදෙන්නේ නම් ඇතැම් භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීමට සිදු වන බව පැවසිය යුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29