සහනයක් සොයා කපුවකු හමුවට ආ තරුණයා කපුවාගෙ පවුල සමඟ පැනගිහින්… බිරිඳ සොයා කපුවා පොලීසි යයි

බිරිය වෙනතක ගියේ යැයි කියා සහනයක් සොයා දේවාලයක කපුවකු හමුවට ආ පුද්ගලයකු කපුවාගේ බිරිය කරකාරෙට රැගෙන යාමේ පුවතක් දකුණු කළුතර පළාතේ පොලිසියකින් වාර්තා වෙයි.කළුතරට ආසන්න ගමක පුද්ගලයකුගේ තරුණ බිරිය හිටිහැටියේම ඔහු අතහැර දමා නිවෙසින් පිටව ගියේය.

තම බිරිය සොයාගැනීමට නොයෙක් උපක්‍රම යෙදුවත් ඇය සොයාගැනීමට නොහැකි විණි. මේ අතර මිතුරකු හමුවූ කතානායකයා සිද්ධිය පිළිබඳව පවසා උදව්වක් පැතීය.
සිය මිතුරාගේ මඟ පෙන්වීම මත කතානායකයා දේවාලයකට ගියේය.බිරිය තමා අතහැර ගොස් දැන් සති ගණනක් ගතවන බවත් ඇය සොයාගැනීමට පිහිටවෙන්නැයි කඳුළුපිරි දෙනෙතින් යුතුව ආයාචනා කළේය.
සේවාකරුගේ අඳෝනාව සාවදානව අසා සිටි දේවාලයේ කපු මහතා අඳුනක් අසලට ගොස් මතුරන්නට විය. ගත වූයේ සුළු වේලාවකි. කපුවා ආරූඪ විය. අඳුන බලාගෙන පේන කියන්නට විය. ආතුරය උඹේ බිරිය තවත් අයකු සමඟ නිවසක ඉතා සතුටින් වාසය කරන බව මෑණියන් කියනවා. ඇය යළි ගෙන්වා දීමට හැකියි. හැබැයි කොන්දේසි කීපයක් තියෙනවා. ඒ සඳහා කැපවිය හැකිනම් ගෙන්වා දෙන බව මෑණියන් පවසනවා කීවිට කපුවාට වැඳ වැටුණු කතානායකයා බිරිය ගෙන්වා ගැනීම වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්නම් දේවගැතියා ඉදිරියේ පින්සෙන්ඩු විය.

සතියේ දින දෙකක් පිරිසුදුව දේවාලයට පැමිණ දේවාලය අවට පිරිසුදු කර මල් පහන් පූජා කොට දේව මෑණියන්ට කන්නලව් කරන ලෙස මෑණියන් කියනවා.එම උපදෙස් අකුරටම පිළිපදින්නම් පොරොන්දු වූ කතානායකයා දේවගැතියාගේ දැන්වීම මත සතියකට දින දෙකක් දේවලය පිරිසුදු කිරීමටත් කන්නලව් කිරීමටත් පැමිණියේය.

එසේ පැමිණෙන අතරතුර දේවගැතියාගේ රූමත් බිරිය කතානායකයාගේ නෙත ගැටුණි. ටිකක් ඉඟිබිඟි පෑ ඇය කතානායකයා සමඟ ඇයි හොඳයි කමක් ඇති කර ගත්තේය. ජංගම දුරකතන අංක ද මාරු විය. හොරාට හොරාට දෙදෙන කතාබහ කළේය. ඒ ඇයි හොඳැයිය දැන් දුරදිග ගොසිනි. දෙදෙනා එකම වහලක් යටට යෑමට කතිකා කර ගත්තේය. ඊට හොඳ උපක්‍රමයක් යෙදීය. තම අවුරුදු දෙකක් පමණ වයසැති දරුවාගේ කටවටේ භූමිතෙල් ගෑ කපුවාගේ බිරිය දරුවා භූමිතෙල් පානය කර ඇති බවත් ඉක්මනට රෝහලට රැගෙන යායුතු බවත් කපුවාට පවසා අප කතානායකයා සමඟ පැන ගියාය.
අවසානයේ කපුවා තම බිරිය සොයා දෙන්නැයි කළුතර පොලිසියට පැමිණ බැගෑපත් විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56