සවුත්බාර්වලින් හමු වූ නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය තොගය

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ ඊයේ (05) දින සිදුකළ සෝදිසි මෙහෙයුමක දී, එම ප්‍රදේශයේ සඟවා තිබූ ජෙලට්නයිට් නමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හැටක් (60), විදුලි නොවන ඩෙට‍නේටර් තිහක් (30), C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 350ක ප්‍රමාණයක් (350g) සමග එම පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන කැබ් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ; පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීතිවිරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබන බවයි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මගින් මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ සිදුකළ මෙම සෝදිසි මෙහෙයුමේදීයි අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවුණේ.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීතිවිරෝධී ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙම වාණිජ පුපුරණ ද්‍රව්‍ය මෙලෙස සවුත්බාර් ප්‍රදේශයේ සඟවා තබන්නට ඇතැයි නාවික හමුදාව සැක පළ කෙරෙනවා.

ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත නඩු භාණ්ඩ නාවික හමුදාව විසින් භාරදීමට කටයුතු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?