සලේ සම්බන්ධයෙන් කරුණු ඉස්මතු කරමින් හිටපු මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට ලිපියක්

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ පිළිබදව සහ ඔහු ආශ්‍රිත සමාජයේ නිර්මාණය වී තිබෙන කතිකාවත සම්බන්දයෙන් ද සඳහන් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එම ලිපිය මඟින් හිටපු මන්ත්‍රීවරුන් පිරිස පෙන්වා දී ඇත්තේ ඉතිහාසයේ අප මුහුණ දුන් රුදුරුතම බෙදුම්වාදී ව්‍යවසනයෙන් රටේ ඒකීය භාවය ආරක්ෂා කර ගැනීම සඳහා බුද්ධිමය නායකත්වයක් ලබාදීම නිසාවෙන් සුරේෂ් සලේ වෙනුවෙන් මහ සමාජය තුළ ගොඩනැගී තිබෙන්නේ කෘතවේදීත්වය සහ ගෞරවය මුසු වූ අනුකම්පාවක් බව ද රහසක් නොවන බවයි.

කෙසේ නමුත් මතුව ඇති චෝදනා පිළිබඳව, වගකිව යුතු පාර්ශ්වයන් විසින් පළ කරනු ලබන අද්භූත නිහැඬියාව හෝ වගකීම් විරහිත ප්‍රතික්‍රියාවන් හමුවේ පක්ෂ දේශපාලනයෙන් බැහැරව, වගකීම් සහගත පුරවැසියන් මෙන් ම යම් වකවානුවක මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන් වූවන් ලෙසින් මෙලෙස පෞද්ගලිකවම ජනාධිපතිවරයාගේ අවධානය මේ පිළිබදව කැඳවීමට තීරණය කළ බව ද ලිපියේ සඳහන් කර තිබෙනවා.

සුරේෂ් සලේ මාස තුනකට අධික කාලයක් අත්අඩංගුවේ පසුවන්නේ අධිකරණ නියෝගයකින් නොව ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ කරනු ලැබූ රදවා තබා ගැනීමේ නියෝගයකට අනුව වීම, උද්ගතව ඇති සමාජ සාකච්ඡාව සෘණාත්මක අන්තයකට හරවා ලු පළමු ලක්ෂය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස පෙන්වා දෙනවා.

එමෙන්ම, සලේ හමුවේ සිදුකරන බව පැවසෙන කෲර සැලකීම් අනාවරණය කරන ලද්දේ දේශපාලඥයන් නොවන හෝ පක්ෂ දේශපාලනයට කිසිදා ගැති නොවූ කීර්තිමත් ජනාධිපති නීතිඥවරුන් දෙපළක් විසින් ගරු අධිකරණයන්හි විනිසුරුවරුන් අබියස දී බවත්, එම ජනාධිපති නීතිඥවරුන්ගේ අනාවරණයට නෛතික හා විද්‍යාත්මක පදනම සැපයූවේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් විසින් ම බව අදාළ ලිපිය මඟින් ජනාධිපතිවරයාට අවධාරණය කර තිබෙනවා.

තවදුරටත් කරුණු සඳහන් කරමින් එම ලිපියේ ඔවුන් සඳහන් කර ඇත්තේ, උක්ත පැහැදිලි කිරීම හරහා ඔවුන් අදහස් කරනුයේ පාස්කු දින ප්‍රහාරයට අදාළ වූදිතයන්ට එරෙහි ක්‍රියාමාර්ග කිසිසේත්ම අඩපණ කිරීමක් නොවන බවත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම කිසිසේත් ම පමා කළයුතු නොවන බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, ඩී.බී. හේරත්, ගුණපාල රත්නසේකර, කරු කොඩිතුවක්කු, තිලක් රාජපක්ෂ, වෛද්‍ය උපුල් ගලපත්ති, ලලිත් එල්ලාවල සහ කේ.පී.එස්. කුමාරසිරි යන පිරිස විසින් එම ලිපියට අත්සන් තබා ජනාධිපතිවරයා වෙත යොමුකර තිබෙනවා.

එම ලිපියේ උපුටා ගැනීම පහතින්,

මේ දිනවල වාද අවකාශයේ ප්‍රධාන උද්ධෘතය වී තිබෙන්නේ හිටපු බුද්ධි ප්‍රධානී. පොලිස් අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ මහතාට විසකුරු ආකාරයෙන් සැලකීමට එරෙහිව වූ සාකච්ඡාව බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. එසේම මෑත ඉතිහාසයේ අප මුහුණ දුන් රුදුරුතම බෙදුම්වාදී ව්‍යවසනයෙන් රටේ ඒකීය භාවය ආරක්ෂා කර ගැනීම සඳහා බුද්ධිමය නායකත්වයක් ලබාදීම නිසා සුරේෂ් සලේ වෙනුවෙන් මහ සමාජය තුළ ගොඩනැගී තිබෙන්නේ කෘතවේදීත්වය සහ ගෞරවය මුසු වූ අනුකම්පාවක් බව ද රහසක් නොවේ. නමුත් මතුව ඇති චෝදනා පිළිබඳව වගකිව යුතු පාර්ශ්වයන් විසින් පළ කරනු ලබන අද්භූත නිහැඬියාව හෝ වගකීම් විරහිත ප්‍රතික්‍රියාවන් හමුවේ පක්ෂ දේශපාලනයෙන් බැහැරව, වගකීම් සහගත පුරවැසියන් මෙන් ම යම් වකවානුවක මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන් වූ අප මෙලෙස පෞද්ගලිකවම ඔබතුමන් ගේ අවධානය කැඳවීමට තීරණය කළෙමු.

සුරේෂ් සලේ මහතා මාස තුනකට අධික කාලයක් අත්අඩංගුවේ පසුවන්නේ අධිකරණ නියෝගයකින් නොව ආරක්ෂක ඇමතිවරයා ලෙස ඔබතුමා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) යටතේ කරනු ලැබූ රදවා තබා ගැනීමේ නියෝගයකට අනුව වීම. උද්ගතව ඇති සමාජ සාකච්ඡාව සෘණාත්මක අන්තයකට හරවා ලු පළමු ලක්ෂයයි.
දෙවැනිව, සලේ හමුවේ සිදුකරන බව පැවසෙන කෲර සැලකීම් අනාවරණය කරන ලද්දේ දේශපාලඥයන් නොවන හෝ පක්ෂ දේශපාලනයට කිසිදා ගැති නොවූ කීර්තිමත් ජනාධිපති නීතිඥවරුන් දෙපළක් විසින් ගරු අධිකරණයන්හි විනිසුරුවරුන් අබියස දී වීමයි.

තවද, එම ජනාධිපති නීතිඥවරුන්ගේ අනාවරණයට නෛතික හා විද්‍යාත්මක පදනම සැපයූවේ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු විසින් ගරු අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් විසින් ම බව ඔබතුමාගේ අවධානය කැඳවිය යුතු තෙවැනි බරපතල කාරණාවයි.

ඊට අමතරව, පාස්කු දින ප්‍රහාරයට අදාළ චෝදනාවේ ප්‍රධාන චූදිතයා ලෙස ඔහු නම් වුව ද ඒ හා බැඳුණු අතෛනික පූර්ව නිගමන කොතරම් තිබුණ ද රාජ්‍ය දේහය ඔත්පලව අසාධ්‍ය වූ හෝරාවේ එය සුවපත් කිරීම සඳහා අභියෝගය බාරගත් සෙත්පතින් අතර බුද්ධි සේවා ප්‍රධානියා ලෙස ඔහු ශ්‍රී ලාංකේය සමාජයට ලබා දුන් ප්‍රශංසනීය මගපෙන්වීම පිළිබඳව ස්වාධීන සමාජය තුළ ඇත්තේ කෘතවේදීත්වය මිශ්‍රිත ගෞරවණීය හැඟීමකි.

එම නිසාම, අවම වශයෙන් සාමාන්‍ය සැකකරුවකු ලෙස නීතිය ඉදිරියේ ඔහුට ලබාදිය යුතු රැකවරණය, විශ්වාසය සහ නිර්දෝශීභාවයේ පූර්ව නිගමනය සලේ ට අහිමි වී ඇති බව නිර්දේශ පාලහික සමාජය විසින් ඔබ රජය වෙත එල්ල කරනු ලබන චෝදනාවයි. අභියෝගයයි.

උක්ත පැහැදිලි කිරීම හරහා අප අදහස් කරනුයේ පාස්කු දින ප්‍රහාරයට අදාළ වූදිතයන්ට එරෙහි ක්‍රියාමාර්ග කිසිසේත්ම අඩපණ කිරීමක් නොවේ. තම විශ්වාසයේ දෙවියන් ඉදිරිපිට, උන්මන්තකයන්ගේ ගොදුරු බවට පත් වූ ඒ අහිංසක වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම කිසිසේත් ම පමා කළයුතු නොවේ. යුක්තියේ දිශානතිය වෙත එම පරීක්ෂණ යොමු කිරීම ඔබතුමන්ගේ ප්‍රමුඛ වග කීමකි. නමුත්, ඒ සඳහා තැබෙන සෑම පියවරක්ම ගෝත්‍රික දේශපාලන මාත්‍රාවෙන් බැහැර වූ විශ්වසනීය නෛතික ක්‍රියාමාර්ග පමණක් ම විය යුතු බව අපි අවධාරණය කරන්නෙමු.

ගරු ජනාධිපතිතුමනි, පොලිස් අත්අඩංගුවේ පසු වූ ඔබ පක්ෂයේ නිර්මාතෘවර, රෝහණ විජේවීර මහතා ඝාතනය කොට ප්‍රාණය නිරුද්ධවීමට ප්‍රථම ආදාහනාගාරයට යවා පුළුස්සා දැමූ බ්ලේච්ඡ යුගයක බිහිසුණු පැල්ලම්, මේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය මත නැවත සටහන් නොවිය යුතු බව අප සියලු දෙනාගේ ම අනම්‍ය විශ්වාසයයි. එබැවිත්, ඔබ හමුවේ තැබූ සියලු කරුණු තුලනාත්මකව අධ්‍යයනය කරමින්, හිටපු බුද්ධි ප්‍රධානියා ද සාමාන්‍ය සැකකරුවකු සේ සලකා නීතියේ සමානාත්මතාවය. ඔහු වෙත ලබාදීම තහවුරු කිරීම කෙරෙහි ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරනු ඇතැයි විශ්වාසය පළ කර සිටිමු.

උපුටා ගැනීම අවසන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
IMF ණය අයින් කරනවනම් මහින්දවයි, නාමල්වයි හිරේ දාන්න - ආණ්ඩුවට මිනිස්සුන්ගෙන් ලැබෙන්නේ තොගේට
04:46
Video thumbnail
චාමර සම්පත් අර්චුනාට කිව්ව දේට මහින්දට හොඳටම හිනා
02:30
Video thumbnail
මහින්ද ආවා කියන්නේ ලයිට් නැති ගෙදරටකට ජෙනරේටර් එකක් දැම්මා වගේ - රෝහිත ගුණ වයයි
11:50
Video thumbnail
චාමර සලේ ගැන කිව්ව සැර කතාව..සලේ මැතිවරණයේ JVP වේදිකාවට නැන්ගානම් අද ආරක්ෂක ලේකම්
03:54
Video thumbnail
අර්චුනා, සැමරුම හිනා වැස්සෙන් නහවයි - අපි ඔක්කොම එකයි කියලා සරම ඇතුළේ ඉන්න බෑනේ
07:50
Video thumbnail
මිනිස්සු ආපහු මහින්දලව හොයනවා - අර්චුනාගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් - නාමල් 2029 ජනපති ?
05:58
Video thumbnail
මහින්ද ඉදිරියේ අර්චුනා බයවෙයි - ජනපති කෙනෙක් විදියට මම ගරු කරන්නේ මහින්දට විතරයි
04:06
Video thumbnail
එල්නිනෝ අවස්ථාව ආරම්භවෙලා..බලපෑම ක්‍රමක් ක්‍රමයෙන් ලංකාවට - විශේෂ ප්‍රකාශයක්
05:39
Video thumbnail
හිමිනමක් හිටපු ජනපති මහින්ද ඉදිරියේ කියූ සැර කතාව - මේ කහ සිවුරට කොච්චර චෝදනා කරනවද අද
09:48
Video thumbnail
හිටපු ජනපති මහින්දව පංජාබි වාදනයක් මැද "මෙහෙවරක ප්‍රණාමයට" පිළිගත් අයුරු
01:50