රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට අමානුෂික සහ කෘෘර අයුරින් සැළකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (09) දෙවන දිනටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ක්‍රියාත්මකයි.
මේ අතර මෙම සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාපක්ෂ පැමිණියා.
සත්‍යග්‍රහයට එක්ව සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයින් සහ ක්‍රියාකාරීන්ට සහාය පළකිරීම වෙනුවෙන් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාපක්ෂ එම ස්ථානයට පැමිණි තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
+1
10
+1
1
+1
1
+1
+1













