විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පිළිබඳව ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ විසින් ඉදිරිපත් කළ ආයාචනය පිළිබඳව අවධානය යොමුකර සුදුසු සහනයක් ඉටු කරදෙන ලෙස ඉල්ලමින් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන්, ජනපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් මගින් දන්වා තිබෙනවා.
පසුගිය (08) වනදා සුරේෂ් සලේගේ බිරිඳ අස්ගිරි මහා විහාරයට පැමිණ තමන් වහන්සේ හමුවී ආයාචනයක් ඉදිරිපත් කරමින් ඇගේ ස්වාමියා හට සහනයක් ලබා දීමට සහාය වන ලෙස ඉල්ලීමක් කළ බව එම ලිපියේ දක්වා තිබෙනවා.
ඒ, අනුව ඇයගේ ආයාචනය සඳහන් ලිපියේ පිටපතක් ද සිය ලිපිය සමඟ ඇමුණුමක් ලෙස ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා වෙත මහ නා හිමියන් යොමුකළ ලිපියේ සඳහන්.
එම ආයාචනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කොට සුදුසු සහනදායී කටයුත්තක් ඉටු කර දෙන ලෙසයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.














hamuduru gollo nodanna dewal nokara innawa nam thamai honda.