සල්ලි නැති නිසා බිරිඳගේ මළ සිරුර කරේ තියාගෙන ගමට ගිය තරුණයා

මියගිය බිරිඳගේ සිරුර නිවසට රැගෙන යාමට වාහනයක් කුලියට ගැනීම සඳහා මුදල් නොමැතිකම හේතුවෙන් සිරුර කර මත තබාගෙන ගිය තරුණයෙකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වනවා.

35 හැවිරිදි මෙම තරුණයා ඔඩීෂා ප්‍රාන්තයේ කෝරාපුට් දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙක් වන අතර අන්ද්‍රා ප්‍රදේශ් හි රෝහලකදී මියගිය බිරිඳගේ සිරුර මෙලෙස රැගෙන පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිද්ධිය මාර්ගයේ සිටි පොලිස් නිලධාරීන් දැක ඇති අතර ඒ අනුව ඔවුන් මෙම මියගිය කාන්තාවගේ දේහය නිවසට රැගෙන යාමට ගිලන් රථයක් සූදානම් කර දී තිබෙනවා.

Pangi නම් මෙම තරුණයා සිය රෝගී බිරිඳ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාකාපට්නම් දිස්ත්‍රික්කයේ රෝහලකට ඇතුළත් කර තිබුණා.

වෛද්‍යවරු තීරණය කර ඇත්තේ රෝගී තත්ත්වය උත්සන්න වී ඇති බැවින් බිරිඳ බේරා ගැනීමට නොහැකි බවයි.

ප්‍රතිකාර සඳහා ප්‍රතිචාරයක් දක්වා නොමැතිවීම හේතුවෙන් කිලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටි නිවසට රැගෙන යන ලෙස ඔහුට උපදෙස් දී තිබෙනවා.

මෙම ගැමි තරුණයා ඔඩිස්සා ප්‍රාන්තයේ කොරාපුත් නමැති දිළිඳු ගම්මානයේ වැසියෙක්.

පැංගි පැවසුවේ තම ගමට ආපසු යාම සඳහා වාහනයක් කුලියට ගත් නමුත් අතරමගදී බිරිඳ මිය ගිය බවයි.

පසුව රියැදුරා කුලී ගමන යාම ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් අතරමග දමා ගොස් ඇති බව සඳහන්.

බිරිඳගේ සිරුර රැගෙන යාමට වෙනත් ක්‍රමයක් නොමැති වූ මෙම පුද්ගලයා බිරිඳගේ දේහය කරේ තබාගෙන තවත් කිලෝමීටර් 80ක් පමණ දුරින් පිහිටි නිවස දෙසට ගමන් කර තිබෙනවා.

ටික වේලාවකට පසු, ප්‍රදේශවාසීන් විසින් කළ දැනුම් දීමකට අනුව පොලිසිය මෙම තරුණයා නතර කර ඇතැයි සඳහන්.

මුලදී, ආන්ද්‍රා ප්‍රදේශ් පොලිසියේ නිලධාරීන්ට භාෂා ප්‍රශ්නය නිසා පැංගි කියන දේ තේරුම් ගැනීමට අපහසු වී ඇති අතර අනතුරුව ඔහුගේ භාෂාව හොඳින් දන්නා පුද්ගලයෙකු මාර්ගයෙනුයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් වී ඇත්තේ.

පසුව පොලිස් නිලධාරීන්, මෙම තරුණයා ට ඔහුගේ බිරිඳගේ සිරුර ගමට ගෙන යාමට ගිලන් රථයක් සූදානම් කර තිබෙනවා.

පොලිසියේ උපකාරයට ස්තුතිය පුද කළ ඔහු, ප්‍රදේශවාසීන්ගේ ප්‍රතිචාරය ද අගය කර ඇතැයි සඳහන්.

මෙවැනි සිදුවීමක් 2016 වසරේ ඔඩීෂා ප්‍රාන්තයේ ද සිදු වුණා.

ඒ තම බිරිඳගේ දේහය රැගෙන යාම රෝහලක අවමංගල්‍ය රථයක් ප්‍රතික්ෂේප කිරීමෙන් දේහය කරේ තබාගෙන කිලෝමීටර් 12ක් පමණ ඇවිද ගිය සිදුවීමක්.

මෙම සිද්ධිය ජාත්‍යන්තර මධ්‍යයේ අවදානයට ද ලක්වූ අතර එමගින් ඔඩීෂා ප්‍රාන්ත රජය ද අපහසුතාවයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43
Video thumbnail
"බලය දෙන්න අවුරුදු 3ක් ඇතුළත අලි මිනිස් ගැටුමට විසඳුමක් දෙනවා'' රාහුල හිමිගෙන් රටටම පොරොන්දුවක්
04:12
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලගෙන නීති විරෝධී වැඩ කරනවා
04:03
Video thumbnail
"කුරහන් සාටකය" කරෙන් ග#ලවගෙනම නාමල් උසාවිය ඇතුලට ගිය හැටි..නාමල් එක්ක කට්ටිය සෙල්ෆි ග#යි
05:45
Video thumbnail
නාමල් මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."ඔයාලා හික් හික් ගගා ඉන්න..මිනිස්සුන්ට මේකේ වේදනාව තියෙන්නේ"
11:51
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."රන්වලගේ මූණ මිරිකුවත් අරක්කු බාගයක් ගන්න පුළුවන්"
07:57
Video thumbnail
මෙතන රෝහලක් පවත්වාගෙන යන එක අවදානම්..වත්තෙගම දිස්ත්‍රික් රෝහල බලන්න ගිය සෞඛ්‍ය නි.ඇමති කිව්ව දේ
03:51


?