සල්ලි නැති නිසා බිරිඳගේ මළ සිරුර කරේ තියාගෙන ගමට ගිය තරුණයා

මියගිය බිරිඳගේ සිරුර නිවසට රැගෙන යාමට වාහනයක් කුලියට ගැනීම සඳහා මුදල් නොමැතිකම හේතුවෙන් සිරුර කර මත තබාගෙන ගිය තරුණයෙකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වනවා.

35 හැවිරිදි මෙම තරුණයා ඔඩීෂා ප්‍රාන්තයේ කෝරාපුට් දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙක් වන අතර අන්ද්‍රා ප්‍රදේශ් හි රෝහලකදී මියගිය බිරිඳගේ සිරුර මෙලෙස රැගෙන පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිද්ධිය මාර්ගයේ සිටි පොලිස් නිලධාරීන් දැක ඇති අතර ඒ අනුව ඔවුන් මෙම මියගිය කාන්තාවගේ දේහය නිවසට රැගෙන යාමට ගිලන් රථයක් සූදානම් කර දී තිබෙනවා.

Pangi නම් මෙම තරුණයා සිය රෝගී බිරිඳ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාකාපට්නම් දිස්ත්‍රික්කයේ රෝහලකට ඇතුළත් කර තිබුණා.

වෛද්‍යවරු තීරණය කර ඇත්තේ රෝගී තත්ත්වය උත්සන්න වී ඇති බැවින් බිරිඳ බේරා ගැනීමට නොහැකි බවයි.

ප්‍රතිකාර සඳහා ප්‍රතිචාරයක් දක්වා නොමැතිවීම හේතුවෙන් කිලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටි නිවසට රැගෙන යන ලෙස ඔහුට උපදෙස් දී තිබෙනවා.

මෙම ගැමි තරුණයා ඔඩිස්සා ප්‍රාන්තයේ කොරාපුත් නමැති දිළිඳු ගම්මානයේ වැසියෙක්.

පැංගි පැවසුවේ තම ගමට ආපසු යාම සඳහා වාහනයක් කුලියට ගත් නමුත් අතරමගදී බිරිඳ මිය ගිය බවයි.

පසුව රියැදුරා කුලී ගමන යාම ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් අතරමග දමා ගොස් ඇති බව සඳහන්.

බිරිඳගේ සිරුර රැගෙන යාමට වෙනත් ක්‍රමයක් නොමැති වූ මෙම පුද්ගලයා බිරිඳගේ දේහය කරේ තබාගෙන තවත් කිලෝමීටර් 80ක් පමණ දුරින් පිහිටි නිවස දෙසට ගමන් කර තිබෙනවා.

ටික වේලාවකට පසු, ප්‍රදේශවාසීන් විසින් කළ දැනුම් දීමකට අනුව පොලිසිය මෙම තරුණයා නතර කර ඇතැයි සඳහන්.

මුලදී, ආන්ද්‍රා ප්‍රදේශ් පොලිසියේ නිලධාරීන්ට භාෂා ප්‍රශ්නය නිසා පැංගි කියන දේ තේරුම් ගැනීමට අපහසු වී ඇති අතර අනතුරුව ඔහුගේ භාෂාව හොඳින් දන්නා පුද්ගලයෙකු මාර්ගයෙනුයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් වී ඇත්තේ.

පසුව පොලිස් නිලධාරීන්, මෙම තරුණයා ට ඔහුගේ බිරිඳගේ සිරුර ගමට ගෙන යාමට ගිලන් රථයක් සූදානම් කර තිබෙනවා.

පොලිසියේ උපකාරයට ස්තුතිය පුද කළ ඔහු, ප්‍රදේශවාසීන්ගේ ප්‍රතිචාරය ද අගය කර ඇතැයි සඳහන්.

මෙවැනි සිදුවීමක් 2016 වසරේ ඔඩීෂා ප්‍රාන්තයේ ද සිදු වුණා.

ඒ තම බිරිඳගේ දේහය රැගෙන යාම රෝහලක අවමංගල්‍ය රථයක් ප්‍රතික්ෂේප කිරීමෙන් දේහය කරේ තබාගෙන කිලෝමීටර් 12ක් පමණ ඇවිද ගිය සිදුවීමක්.

මෙම සිද්ධිය ජාත්‍යන්තර මධ්‍යයේ අවදානයට ද ලක්වූ අතර එමගින් ඔඩීෂා ප්‍රාන්ත රජය ද අපහසුතාවයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර - මෙන්න ඔබ නොදුටු දර්ශන
01:48
Video thumbnail
ත්‍රීවිල්කාරයෝ කියලා අපිව කොන් කරලා ඉන්නේ - රංගිරි දඹුලු ත්‍රීරෝද රථ සංගමය කළ උතුම් පිංකම
03:09
Video thumbnail
නාවලපිටියේ දුන්න අපූරු කොත්තු දන්සල - කොත්තු කන්න කට්ටිය දිගු පෝළිම්වල
01:56
Video thumbnail
අධිකරණ ඇමති සමඟ සාකච්ඡාවෙන් පසු නීතිඥ සංගමයේ සභාපති - ජනපතිට කියලා අපිට කියනවා කිව්වා
04:17
Video thumbnail
හිටපු SLC සභාපතිගේ දේහය අවමංගල්‍යය පෙරහැරෙන් රැගෙන ගිය අයුරු - සමුදෙන්න ඩඩ්ලිත් එයි
04:02
Video thumbnail
මම අපරාජිත දේශපාලකයෙක්..ඔයාලට පිං - මෛත්‍රිපාල ගැම්මට කිව්ව කතාව
02:42
Video thumbnail
මෛත්‍රී අපූරුවට බණ කිව්ව හැටි.."ළමයි Phone අරගෙන වෙන ඒවට ඇඟිලි ගහන්නේ.."
06:23
Video thumbnail
පිළිකා රෝගින් වෙනුවෙන් තම හිසකෙස් පරිත්‍යාග කළ කාන්තාවන් - පොලිස් කාන්තාවොත් ඇවිත්
01:40