සල්ලි නැති නිසා බිරිඳගේ මළ සිරුර කරේ තියාගෙන ගමට ගිය තරුණයා

මියගිය බිරිඳගේ සිරුර නිවසට රැගෙන යාමට වාහනයක් කුලියට ගැනීම සඳහා මුදල් නොමැතිකම හේතුවෙන් සිරුර කර මත තබාගෙන ගිය තරුණයෙකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වනවා.

35 හැවිරිදි මෙම තරුණයා ඔඩීෂා ප්‍රාන්තයේ කෝරාපුට් දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙක් වන අතර අන්ද්‍රා ප්‍රදේශ් හි රෝහලකදී මියගිය බිරිඳගේ සිරුර මෙලෙස රැගෙන පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිද්ධිය මාර්ගයේ සිටි පොලිස් නිලධාරීන් දැක ඇති අතර ඒ අනුව ඔවුන් මෙම මියගිය කාන්තාවගේ දේහය නිවසට රැගෙන යාමට ගිලන් රථයක් සූදානම් කර දී තිබෙනවා.

Pangi නම් මෙම තරුණයා සිය රෝගී බිරිඳ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාකාපට්නම් දිස්ත්‍රික්කයේ රෝහලකට ඇතුළත් කර තිබුණා.

වෛද්‍යවරු තීරණය කර ඇත්තේ රෝගී තත්ත්වය උත්සන්න වී ඇති බැවින් බිරිඳ බේරා ගැනීමට නොහැකි බවයි.

ප්‍රතිකාර සඳහා ප්‍රතිචාරයක් දක්වා නොමැතිවීම හේතුවෙන් කිලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටි නිවසට රැගෙන යන ලෙස ඔහුට උපදෙස් දී තිබෙනවා.

මෙම ගැමි තරුණයා ඔඩිස්සා ප්‍රාන්තයේ කොරාපුත් නමැති දිළිඳු ගම්මානයේ වැසියෙක්.

පැංගි පැවසුවේ තම ගමට ආපසු යාම සඳහා වාහනයක් කුලියට ගත් නමුත් අතරමගදී බිරිඳ මිය ගිය බවයි.

පසුව රියැදුරා කුලී ගමන යාම ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් අතරමග දමා ගොස් ඇති බව සඳහන්.

බිරිඳගේ සිරුර රැගෙන යාමට වෙනත් ක්‍රමයක් නොමැති වූ මෙම පුද්ගලයා බිරිඳගේ දේහය කරේ තබාගෙන තවත් කිලෝමීටර් 80ක් පමණ දුරින් පිහිටි නිවස දෙසට ගමන් කර තිබෙනවා.

ටික වේලාවකට පසු, ප්‍රදේශවාසීන් විසින් කළ දැනුම් දීමකට අනුව පොලිසිය මෙම තරුණයා නතර කර ඇතැයි සඳහන්.

මුලදී, ආන්ද්‍රා ප්‍රදේශ් පොලිසියේ නිලධාරීන්ට භාෂා ප්‍රශ්නය නිසා පැංගි කියන දේ තේරුම් ගැනීමට අපහසු වී ඇති අතර අනතුරුව ඔහුගේ භාෂාව හොඳින් දන්නා පුද්ගලයෙකු මාර්ගයෙනුයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් වී ඇත්තේ.

පසුව පොලිස් නිලධාරීන්, මෙම තරුණයා ට ඔහුගේ බිරිඳගේ සිරුර ගමට ගෙන යාමට ගිලන් රථයක් සූදානම් කර තිබෙනවා.

පොලිසියේ උපකාරයට ස්තුතිය පුද කළ ඔහු, ප්‍රදේශවාසීන්ගේ ප්‍රතිචාරය ද අගය කර ඇතැයි සඳහන්.

මෙවැනි සිදුවීමක් 2016 වසරේ ඔඩීෂා ප්‍රාන්තයේ ද සිදු වුණා.

ඒ තම බිරිඳගේ දේහය රැගෙන යාම රෝහලක අවමංගල්‍ය රථයක් ප්‍රතික්ෂේප කිරීමෙන් දේහය කරේ තබාගෙන කිලෝමීටර් 12ක් පමණ ඇවිද ගිය සිදුවීමක්.

මෙම සිද්ධිය ජාත්‍යන්තර මධ්‍යයේ අවදානයට ද ලක්වූ අතර එමගින් ඔඩීෂා ප්‍රාන්ත රජය ද අපහසුතාවයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
17
මලපනිනව !
0
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?