සල්ලි තියෙන අය තමන්ගේ ආදායමෙන් භාගයක් ආණ්ඩුවට දෙන්න

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මහජන නියෝජිතයින් ගෙන් පමනක් නොව මේ රටේ යහමින් මුදල් හදල් තිබෙන හැමෝගෙන්ම තමන්ගේ ආදායමෙන් භාගයක් කොවිඩ් අරමුදල සඳහා ලබා දීම මෙම අවස්ථාවේ ඉතාමත් වටිනා බැවින් ඒ සඳහා කටයුතු කරන මෙන් ඉල්ලා සිටින බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුපෙන් භාගයක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට පිලිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පැවසීහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මුදල් නොමැති මහජන නියෝජිතයින්ගෙන් අපි මෙම ඉල්ලීම කරන්නේ නැහැ. නමුත් ආදායම් තිබෙන සියලුම මහජන නියෝජිතයින් මේ අවස්ථාවේ තමන්ගේ වැටුපෙන් භාගයක් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් විය යුතුයි. එය විශේෂයෙන් වැදගත් වන බවයි මාගේ හැගීම.

එසේම අපේ රටේ ජීවත් වන සහ විදේශගත ධනය ඇති අනෙකුත් සියලු දෙනාත් තමන් උපයන ආදායමෙන් කොටසක් මේ අවස්ථාවේ පරිත්‍යාග කිරීම ඉතාමත්ම වටිනවා. පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පමනක් නොවෙයි සියලු ව්‍යාපාරකයින්ටත් මෙය අදාලයි යනුවෙන්ද වාසුදේව නානායක්කාර මහතා මෙහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

– මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09