AFC Banner
Empty Ad
Empty Ad

සල්ලි කොල්ලකෑවයි රංගනයේ යෙදී කළ බොරු පැමිණිල්ල සී.සී.ටිවියෙන් මාට්ටු

රුපියල් විසිතුන්ලක්ෂ අසූහතර දහසක මුදලක් කොල්ල කෑ බවට හෙයියන්තුඩුව පොලිසියට පෞද්ගලික ආයතනයක විධායක නිලධාරී විසින් සිදු කළ පැමිණිල්ලක් පරික්ෂා කිරීමේදී එම සිද්ධිය සැලසුම් කළ එකක් බව අනාවරණය වී තිබෙනවා.

පැමිනිල්ල සිදුකළ විධායක නිලධාරියා විසින් එම ආයතනයේ මුදල් ඔහුගේ පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් වියදම් කර එය පියවා ගැනීම සඳහා මෙලෙස ව්‍යාජ කොල්ලකෑමෙන් සිද්ධියක් රඟ දක්වා ඇති බවටයි වාර්තා වන්නේ.

අදාල පුද්ගලයා පොලීසියට පැමිණිලි කර ඇත්තේ තමන් මෙම මුදල බැංකුවේ තැම්පත් කිරීමට පැමිණෙන අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් එම මුදල කොල්ල කොල්ලකෑ බවයි.

කෙසේ වෙතත් මේ සිද්ධිය පැමිණිලිකරු සහ ඔහුගේ බිරිඳගේ සොහොයුරා විසින් සැලසුම් කරන ලද්දක් බව මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

මෙම කොල්ලකෑමේ ජවනිකාවට පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනාට ඒ සඳහා මුදල් ගෙවීමක් සිදු කර ඇති බවත් සිද්ධිය වූ අවස්ථාවේ එම මුදල් බෑගයේ තිබී ඇත්තේ රුපියල් 50,000ක පමණ මුදලක් බවත්ටත් අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධියට යොදා ගත් යතුරුපැදිය මේ වන විටත් සොයාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික ආයතන විධායක නිලධාරිවරයා සහ ඔහුගේ බිරිඳගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

https://youtu.be/hoVr-VDqmWM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
20
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?