සල්ලි කොල්ලකෑවයි රංගනයේ යෙදී කළ බොරු පැමිණිල්ල සී.සී.ටිවියෙන් මාට්ටු

රුපියල් විසිතුන්ලක්ෂ අසූහතර දහසක මුදලක් කොල්ල කෑ බවට හෙයියන්තුඩුව පොලිසියට පෞද්ගලික ආයතනයක විධායක නිලධාරී විසින් සිදු කළ පැමිණිල්ලක් පරික්ෂා කිරීමේදී එම සිද්ධිය සැලසුම් කළ එකක් බව අනාවරණය වී තිබෙනවා.

පැමිනිල්ල සිදුකළ විධායක නිලධාරියා විසින් එම ආයතනයේ මුදල් ඔහුගේ පෞද්ගලික අවශ්‍යතාවන් වෙනුවෙන් වියදම් කර එය පියවා ගැනීම සඳහා මෙලෙස ව්‍යාජ කොල්ලකෑමෙන් සිද්ධියක් රඟ දක්වා ඇති බවටයි වාර්තා වන්නේ.

අදාල පුද්ගලයා පොලීසියට පැමිණිලි කර ඇත්තේ තමන් මෙම මුදල බැංකුවේ තැම්පත් කිරීමට පැමිණෙන අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් එම මුදල කොල්ල කොල්ලකෑ බවයි.

කෙසේ වෙතත් මේ සිද්ධිය පැමිණිලිකරු සහ ඔහුගේ බිරිඳගේ සොහොයුරා විසින් සැලසුම් කරන ලද්දක් බව මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

මෙම කොල්ලකෑමේ ජවනිකාවට පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනාට ඒ සඳහා මුදල් ගෙවීමක් සිදු කර ඇති බවත් සිද්ධිය වූ අවස්ථාවේ එම මුදල් බෑගයේ තිබී ඇත්තේ රුපියල් 50,000ක පමණ මුදලක් බවත්ටත් අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධියට යොදා ගත් යතුරුපැදිය මේ වන විටත් සොයාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික ආයතන විධායක නිලධාරිවරයා සහ ඔහුගේ බිරිඳගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

https://youtu.be/hoVr-VDqmWM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
20
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09