සංශෝධිත විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට කතානායකවරයාගේ සහතිකය

විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (03) සිය සහතිකය සටහන් කළා.

මෙම පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව පසුගිය ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

මෙම පනත් කෙටුම්පත, 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් වන අතර මීට අදාළ ගැසට් නිවේදනය 2025 නොවැම්බර් 21 වන දින ප්‍රකාශයට පත් කරන ලද අතර, අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය විසින් 2025 දෙසැම්බර් 03 වන දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම සංශෝධන පනත මගින් පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, මහාචාර්යවරුන්, ආශ්‍රිත මහාචාර්යවරුන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් (I වන ශ්‍රේණිය) අතුරෙන් පීඨාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා පීඨ මණ්ඩලයට හැකියාව ලබාදීම, පීඨාධිපතිවරයකුගේ ධූර කාලය සම්පූර්ණ වීමට පෙරාතුව පිඨාධිපතිවරයකු ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාලක සභාවට හැකියාව ලබාදීම සහ පීඨාධිපතිවරයෙකුගේ ධුර කාලය සම්බන්ධයෙන් සීමා හඳුන්වාදීම අරමුණු කර තිබෙනවා.

තවද, මෙමගින් අධ්‍යයන අංශයක ප්‍රධානියෙකු පත් කිරීමේ දී කවුන්සිලය විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය සංශෝධනය කර නිශ්චිතව දක්වා ඇති අතර අධ්‍යයන අංශයක ප්‍රධානියකුගේ ධුර කාලය සම්පූර්ණ වීමට පෙරාතුව අධ්‍යයන අංශයක ප්‍රධානනියකු ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාලක සභාවට හැකියාව ලබාදෙන අතර, අධ්‍යයන අංශයක ප්‍රධානියකුගේ ධුර කාලය සම්බන්ධයෙන් අදාළ වන සීමාවන් හඳුන්වා දී තිබෙනවා.

ඒ, අනුව විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 2 දරන විශ්වවිද්‍යාල (සංශෝධන) පනත ලෙස බලාත්මක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23