Empty Ad
Empty Ad
AFC Banner

සල්ලාල කාමාතුරයන්ගේ කෙළි බඩුවක් වුණු 15 වියැති දියණිය පොලිසියේදී සියල්ල වමාරයි

අවුරුදු පහළොවක දැරියක් විවිධ පුද්ගලයන්ට අලෙවි කිරීමේ මහ පරිමාණ ජාවාරමක තොරතුරු දිනෙන් දින හෙළිවීමත් සමඟ මෙම සිදුවීම රටේ මහත් ආන්දෝලනයක් ඇති කරලීමට සමත් වී තිබේ.

අන්තර්ජාලය ඔස්සේ වෙබ් අඩවි පහක විවිධාකාර ලිංගික දැන්වීම් පළකරමින් මෙම දැරිය විවිධාකාර පුද්ගලයන්ට අලෙවි කර ඇත්තේ රටපුරා පැවැති කොරෝනා වසංගතයට මුවාවෙමින්ය. මේ නිසා පනවා තිබූ සංචරණ සීමා උල්ලංඝනය කරමින් දැරිය අලෙවි කර ඇති අතර සංචරණ සීමා හේතුවෙන් දැරිය විවිධ තැන්වලට ගෙනගොස් භාරදීම සඳහාද දැරිය අලෙවි කළ තැරැව්කරුවන් වැඩි මුදලක් අයකරගෙන තිබේ.

මෙලෙස දැරිය විවිධාකාර පුද්ගලයන්ට අලෙවි කළද ඇගේ ජීවිතයට කණකොකා හඬන්නට පටන්ගෙන ඇත්තේ ඇය 15 හැවිරිදි වියේ සිට බව පොලිසිය කරන ලද විමර්ශනයේදී හෙළිවී තිබේ.

මවකට තම දරුවන් පණ වැනිය. දරුවන්ට තම පණ මෙන් ආදරය කරන මවුවරුන් සිටින අප රටේ මෙවන් අම්මලා ගැනද ඉඳහිට තොරතුරු අනාවරණය වේ. ශ්‍යාමලී මෙවන් තත්ත්වයකට පත්ව ඇත්තේ ඇගේ මවුපියන්ගේ වරදින් බව මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත. ඇය තම දරුවකු නොව තම සහෝදරියක් බව කියමින් ශ්‍යාමලීගේ මව හැසිරී ඇති ආකාරයෙන්ම ඒ බව මනාව පැහැදිලිය. 

ශ්‍යාමලීගේ ජීවිත කතාව දෙස බැලූ කල ඇය මෙවන් තත්ත්වයකට ඇද දැමීම ගැන මූලිකවම වගකිවයුත්තේ ඇගේ මවුපියන්ය. ඇය ඒ අමිහිරි අතීතය පොලිස් නිලධාරියෙක් ඉදිරියේ පැවැසුවේ දෑසේ කඳුළු පුරවාගෙනය. ඇගේ ප්‍රකාශය සටහන් කරගත් නිලධාරිනියද දරුවන් සිටින මවක් වූ බැවින් ශ්‍යාමලීට ඇය සැලකුවේ තමාගේ කුසින් උපන් දියණියක් ලෙසය. ශ්‍යාමලී උපත ලැබුවේ 2005 වසරේ අගෝස්තු මාසයේ විසිහය වැනිදාය. තව මාස දෙකකින් ඇයට වයස අවුරුදු 16 සපිරේ. මේ වනවිට ඇය පාසල් යන වියේ පසුවන්නීය. පොලිසිය මඟින් ඇය අත්අඩංගුවට ගන්නා විටත් ඇය ගම්පහ පළාතේ මහා විද්‍යාලයක ඉගෙනුම ලැබුවාය. ඒ 11 වසරේය. 

ශ්‍යාමලීගේ පවුලේ සාමාජිකයන් සිවු දෙනෙකි. මවත් පියාත් මල්ලීත් සමඟ ඇය කලින් ජීවත්වූයේ දෙල්ගොඩ, කඳුබොඩ ප්‍රදේශයේය. ශ්‍යාමලීගේ පියා රැකියාව වශයෙන් ත්‍රිරෝද රියක් පැදෙව්වේය. එමඟින් ලැබුණු තුට්ටු දෙකෙන් ඔහු දරු පවුල නඩත්තු කළේ ඉතා අමාරුවෙන්ය. උලුපිටිවල ත්‍රීවීලර් පාක් එකේ ත්‍රිරෝද රථය නතර කරගෙන හයර් ගිය ශ්‍යාමලීගේ පියා නරක මිතුරු ඇසුර හේතුවෙන් වැඩිකල් යන්නට මත්තෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි විය. ඒත් මේ බව ගෙදර කිසිවකු දැන සිටියේ නැත. පියා හැරෙන්නට ශ්‍යාමලීගේ මව රැකියාවකට ගියේ නැත. සැමියා හරි හම්බ කරන දේ පවුලේ නඩත්තුවට කෙසේවත් ප්‍රමාණවත් වූයේ නැත. ඒ හරිහම්බ කරන දෙයින් සැමියා මත්කුඩු පානය කිරීම නිසාය. මත්ද්‍රව්‍ය පාවිච්චි කර නිවෙසට එන සැමියා ශ්‍යාමලීගේ මව සමඟ රණ්ඩු සරුවල් ඇති කර ගත්තේය. එය තවත් උග්‍ර වූයේ ශ්‍යාමලීගේ මව සුසිලා පියාගේම ඥාති සහෝදරයකු සමඟ අනියම් ඇසුරක් පවත්වා ගෙනයන බව පියාට සැලවූ දිනයේ පටන්ය. 

බිරියගේ අනියම් සබඳතාවත් ඇය එම සබඳතාව පවත්වාගෙන යන්නේ ඥාති සහෝදරයකු සමඟ වීමත් නිසා ප්‍රශ්නය තව තවත් උග්‍ර විය. 

සැමියාගේ දෙස් දෙවොල් හා පහරදීම් ඉවසිය නොහැකි තැන සුසිලාද තීරණයක් ගත්තාය. ඒ රැකියාවක් සොයා නිවෙසින් පිටවයෑමය. ඒ අනුව වැඩිකල් නොගොස් ඇය බියගම වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හලක රැකියාවක් සොයාගත්තාය. කලක් නිවෙසේ සිට රැකියාවට ගියද කල්යත්ම ඇය නිවෙසට යන එන ගමන නතර කළාය.

“අම්මා ඔහොම දෙතුන්වතාවක්ම ගෙදරින් ගියා. ගෙදර ආවේම නැහැ. ඒත් මමයි තාත්තයි අම්මව හෙව්වා. ඔය අතරේ මම ලොකු ළමයෙක් වුණා. තාත්තා පුංචි උත්සවයක් ගත්තා. ඒත් ඒ උත්සවයටවත් අම්මා ආවේ නැහැ. ඔය ඉන්න අතරේ අපි අම්මා කොහේද කියලා හෙව්වා. මායි මල්ලියි තාත්තයි අම්මා හොයාගෙන කටුනායක පැත්තේ ගාමන්ට්වලත් හෙව්වා. ඒත් අම්මා හම්බ වුණේ නැහැ. පස්සේ ආරංචියක් ආවා අම්මා මහරගම පැත්තේ ගාමන්ට් එකක වැඩ කරනවා කියලා. ඉන් පස්සේ තාත්තා ගිහින් අම්මව එක්කගෙන ආවා.”

ශ්‍යාමලී සිය මවගේ හැසිරීම ගැන කියන්නීය. ඇය මවට බෙහෙවින් ආදරය කළද සුසිලා තුළ දරු කැක්කුමක් තිබුණු බව පෙනෙන්නට නොවීය. දියණිය වැඩිවියට පත්වන්නට පෙර සිටම ඇය සැමියාගේම ඥාතියකු සමඟ අනියම් පෙමක් ඇති කරගෙන ඔහු තුරුලේ නැළවුණාය. ඇයට තම දරුවන් අමතක වූවාය.

කෙසේ වෙතත් සුසිලා දිගටම සැමියා හා දරුවන් සමඟ රැඳී නොසිටියාය. ඇගේ සිත තිබුණේ වෙනත් තැනකය. ඇයට සැමියාගෙනුත් දරුවගෙනුත් ආදරය සෙනෙහස අවශ්‍ය නොවීය. මාස හතරක පමණ කාලයක් දරුවන් සමඟ රැඳුණු ඇය යළිත් ගෙදරින් පලාගියේ දරුවන්ටද ඒ බව නොකියාය.

“අම්මා ගියාට පස්සේ තාත්තා අරක්කු බොන්න පටන් ගත්තා. අම්මා ගෙදර ආවේ නැහැ. ඒ නිසා තාත්තා හිතේ අමාරුවෙන් තමයි හිටියේ.

ටික කලක් යනකොට තාත්තගේ යාළුවෝ නිතරම ගෙදර එන්න පටන් ගත්තා. ඔය අතරේ මම දැනගත්තා තාත්තා කුඩු බොනවා කියලා.”

තම පියා මත්කුඩු පානය කරන බව දැනගත්තද ඇය පියාට උපදෙස් දෙන්නට නොගියාය. ඇය තම මල්ලී සමඟ නිවෙසේ ජීවත් වූවාය. ඒ මවු සෙනෙහස පමණක් නොව පිය සෙනෙහසද අහිමි වන බවට හොඳින් දැනගෙනය. මල්ලී මේ වන විට හතර වසරේ පසුවිය. ඔහු ගියේද අක්කා ගිය ඉස්කෝලයටමය. 

නිවෙසේ තිබූ ප්‍රශ්න උග්‍රවෙද්දී ඇගේ පාසල් යෑමද සිදුවූයේ ඉඳහිටය. සති, මාස ගණන් අක්කාත් මල්ලීත් ගෙදරට වී සිටියහ. තාත්තා කුමක් හෝ කෑමක් බීමක් ගෙනෙන තුරු ඔවුහු මඟ බලා සිටියහ. ඒත් සමහරදාට තාත්තා ගෙන ආ දෙයක් නැත. මත්කුඩුවලට ඇබ්බැහි වී සිටි ඔහුගේ චර්යාවද දිනෙන් දින නරක අතට හැරිණි. බඩගින්න මෙන්ම පිපාසය ගැන කියන්න කෙනෙක් ශ්‍යාමලීට සිටියේ නැත. ඇයට දහස් වාරයක් මව මතක් වූවාය.

“අක්කෙ අම්මා ආයෙත් ගෙදර එන්නේම නැද්ද…”

මල්ලී අහන ප්‍රශ්නවලට දෙන්නට තරම් පිළිතුරක් ඇයට නොවූවාය. ඇගේ දෙනෙත් කඳුළුවලින් පිරී ගියාය.

“අම්මා එයි මල්ලී… අපි තාත්තාත් එක්ක ගිහින් අම්මව එක්කගෙන එමු”

ඇය බොරුවක් කියා මල්ලී සැනසුවාය.

අගේ ජීවිතයට කණකොකා හැඬුවේද ඔය අතරය. ශ්‍යාමලීගේ පියා සිය නිවෙසට යාබදව පදිංචි පුද්ගලයකුට අයත් රඹුටන් වත්තක් බලා කියා ගත්තේය. වත්ත බලාගන්නවට ශ්‍යාමලීගේ පියාට ගතමනාවක්ද ලැබිණි. රඹුටන් වත්ත බලාගැනීමත් සමඟ ශ්‍යාමලීගේ පියා නතර වූයේ රඹුටන් වත්තේම තිබූ පැල තුළය. තාත්තාගේ තනිකමට ශ්‍යාමලීත් ඇගේ සොයුරාත් පැල තුළම නතර වූහ.

මත්ද්‍රව්‍යවලින් සප්පායම් වී සිටි ශ්‍යාමලීගේ පියාට එදා තමන් සමඟ පැලේ නිදාගෙන ඉන්නේ තම ලේවලින් ජාතක වූ දරුවා බව අමතක වී ගියේය. ශ්‍යාමලී එදා තම පියාගේම ග්‍රහණයට හසුව සිය කුමරි බඹසර නැතිකර ගත්තාය.

තාත්තාට තිබූ බියට ශ්‍යාමලී මේ ගැන කිසිවක් කාටවත් කීවේ නැත. කියන්නටද කෙනෙක් නොවීය. ඇයට එම සිද්ධියේ බරපතළ බවක් දැනුණේද නැත. එතැන් පටන් ඇය වරින් වර සිය පියාගේ ආශාවන්ට ඉඩදී නිහඬව සිටියාය.

“ඔයා මේක කාටවත් කිව්වොත් අම්මා වගේ මාවත් ඔයාලට නැතිවේවි…” තාත්තා ශ්‍යාමලීට කීවේය.

“තාත්තාට තිබුණු ආදරය නිසා මම මේ ගැන කාටවත් කිව්වේ නැහැ…”

ඇය කියන්නීය. මව තමාත්, පියාත්, සොහොයුරාත් දමා යන්නට ගියදා පටන් ඇය කුමක් හෝ කෑමක් සාදා තාත්තාටත්, මල්ලීටත් කන්න දුන්නාය.

“සමහරදාට තාත්තා මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදනවා. මම ඒකට බැහැයි කිව්වම තාත්තා මට ගහනවා. ඉන් පස්සේ මට ටික ටික තාත්තා එපා වුණා.”

වැඩිකල් නොගොස් ගමේ සමහරක් පිරිස් අතරද තාත්තා හා දියණිය ගැන නොයෙකුත් කට කතාද පැතිරෙන්නට විය. මේ නිසා ඇය සිය නිවෙස අසලම පදිංචි තරුණයකු සමඟ ඇසුරක් පටන් ගත්තාය. ඔහු දහය වසරේ ඉගෙනුම ලැබූ අතර ඇය ඒ වන විට 9 වසරේ අධ්‍යාපනය හැදෑරුවේය. එහෙත් ඒ ඇසුර පැවැත්වූයේ වසර දෙකක් පමණි. ඒ කාලය තුළද ඇගේ පෙම්වතාද ඇගෙන් සිය ආශාවන් සපුරා ගත් අතර ශ්‍යාමලී ඊට අකැමැත්ත පළ කළේ නැත. ඒත් තම පෙම්වතිය කන්‍යාවක් නොවන බව පෙම්වතාට වැටහිණි. ඔහු මේ ගැන ශ්‍යාමලීගෙන් විමසීය. පෙම්වතාගේ එම ප්‍රශ්නය ඉදිරියේ ශ්‍යාමලී නිරුත්තර වූවාය. ඒත් පෙම්වතාගේ බලවත් පෙරැත්ත මත ඇය ඇත්තම කීවාය. ඒ තම පෙම්වතා ඇය මඟහරිතැයි තිබූ බිය නිසාය. ඒත් එදා පටන් ඔහු ඇය සොයා පැමිණියේ නැත.

පෙම්වතා සමඟ පැවැත් වූ ඇසුරත් අඹු-සැමි සබඳතාවත් නිසා ඇය කෙරෙහි ශ්‍යාමලීගේ පියා ඇති කරගෙන තිබුණේ දැඩි කෝපයකි. මේ හේතුව මුල් කරගෙන ඔහු ශ්‍යාමලීට දෙස් දෙවොල් තිබ්බේය. ආරවුල් ඇතිකර ගත්තේය. පහර දුන්නේය.

කාලය මෙසේ ගෙවී ගියේය. තමාත් සොයුරාත් අතහැර දමා සුසිලා යන්නට ගියද ශ්‍යාමලී තම මව සෙවීම අත්හැර තිබුණේ නැත. පියාගෙන් මෙලෙස හිරිහැර විඳින්නේ මව තමා ළඟ නැති නිසා බවද ඇයට වැටහුණාය. 

“ඔය අතරේ අපිට අම්මා හම්බ වුණා. එදා අම්මා මීගහවත්ත පොලිසියෙන් අල්ලගෙන තිබුණා. ඒ ආරංචිය දැනගෙන අපි පොලිසියට ගියා. එතැනදී ඕ.අයි.සී. මහත්මයා මාව පෙන්නලා ඇහුවා මේ දුව නේද කියලා. එතකොට අම්මා කිව්වා අම්මට දරුවෝ නැහැ කියලා. මට ඒ වෙලාවේ පුදුම දුකක් ඇති වුණා. අම්මා කෙනෙක්ට දරුවෙක් ඉස්සරහ ඔහොම කියන්න පුළුවන්ද කියලා මම හිතුවා. අම්මා අයාලේ ගියා කියලා පොලිසිය අම්මා උසාවියට දාලා රිමාන්ඩ් කළා. එදා රෑ මට අම්මා ගැන දුක හිතුණා. මම හොඳටම ඇඬුවා.”

සුසිලාට රජිව් මුණගැසෙන්නේ ඔය අතරය. ඒ වන විටත් ඇය ඇඟලුම් කම්හලේ රැකියාවක්ද කළේය. පිරිමින්ගේ අතින් අත ගිය ඇයට රජිව්ද එක් පිරිමියෙක් වූවාය. රජිව් ගැන ඇය  හරිහැටි නොදත්තාය. ඒත් රජිව්ගේ සිතේ ඇය කෙරෙහි තිබුණේ වෙනත් අදහසක්ය. ඒ නිසා ඔහු ඇයට හොඳහැටි වියදම් කළේය.

දැරිවියන් මෙන්ම කාන්තාවන්ද ගණිකා වෘත්තියට යොදවා රජිව් මුදල් ඉපයීය. මේ බව නොදත් සුසිලා රජිව් සමඟ කාලය ගත කළේ අඹු – සැමියන් ලෙසද හැසිරෙමින්ය.

“මගේ ඉස්සෙල්ලා කසාදයෙත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔයා කැමැතිනම් කොළඹ ගිහින් ගෙයක් අරගෙන ජීවත් වෙමු. ඔයාට කැමැති නම් ඔයාගේ ළමයි දෙන්නත් එක්කගෙන එන්න..”

රජිව්ගේ ඒ කීමට සුසිලාද අකැමැත්තක් නොදැක්වූවාය. ඇය රජිව් සමඟ කොළඹ ආවාය. මුලින් ඇය පැමිණියේ තනිවමය. මොරටුව ලක්‍ෂපතිය ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගත් රජිව් සුසිලා සමඟ එහි ජීවත්විය. ඒ වන විට රජිව් කාන්තාවන් දෙදෙනකු සමඟ අඹු – සැමියන් ලෙස ජීවත්ව සිටියද ඒ කාන්තාවන් දෙදෙනාම ඔහු අතහැර ගොස් තිබිණි. ඉන් එක් කාන්තාවක් මැද පෙරදිග රැකියාවකට ගොස් තිබිණි.

ලක්‍ෂපතියේ නිවෙසේ ජීවත් වූ රජිව් ඒ වන විටත් මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී තිබිණි. ඒ නිසා වැඩි කල් නොගොස්ම ඔහුට සිදුවූයේ සුසිලා මුදලට විකුණා තම වුවමනා එපාකම් සරිකර ගන්නටය. වැඩිකල් නොගොස්ම රජිව් සිය අනියම් බිරිය සුසිලා මුදලට තම හිතවතුන්ට දුන්නේය. 

මේ අතර රජිව්ගේ කලින් කසාදයේ දරුවන්ද ඔහු සමඟ ලක්‍ෂපතියේ ජීවත් විය. අවසානයේ සුසිලා තම දරුවන් දෙදෙනාද ලක්‍ෂපතියට රැගෙන ආවාය. ඒ වන විට ශ්‍යාමලී අවුරුදු පහළොවක යුවතියක් වූ අතර ඇය පිරිපුන් ශරීරයකට හිමිකම් කීවාය.

මේ අතර දිනක් ශ්‍යාමලීගෙන් තම ආශාවන් ඉටුකර ගන්නට රජිව්ද කටයුතු කළේ සුසිලා නිවෙසේ නැති මොහොතකදීය.

මෙලෙස රජිව්ගේද වුවමනා එපාකම් ඉටු කරමින් සිටියදී ඇගේ මව සුසිලා ඇයත්, මල්ලිවත්, රජිව්ත් අතහැර අවිස්සාවේල්ල ප්‍රදේශයට ගියේ තවත් පුද්ගලයකු සමඟ ඇතිකර ගත් අනියම් ඇසුරක් නිසාය. එහෙත් ශ්‍යාමලීට පසුව ආරංචි වූයේ රජිව් තම මවව එම පුද්ගලයාට ලක්‍ෂ 18ක පමණ මුදලකට අලෙවි කර ඇති බවය. 

සුසිලා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයෝවෘද්ධ පුද්ගලයකු සමඟ පවුල් කෑමත් සමඟ රජිව්ගේ අතමිට හිඟවිය. අනියම් බිරිය විකුණා ලබාගත් ලක්‍ෂ ගණනද මත්කුඩුවලට හා මෝටර් රථයක් මිලදී ගැනීමටද වියදම් කළ ඔහුට වැඩිකල් යන්නට මත්තෙන් ඒ මුදල් සියල්ලද අහිමි වී ගියේය.

“රජිව් මාමාට සල්ලි තිබුණේ නැහැ අපිට කන්නවත් දෙන්න. අම්ම ආවෙත් නැහැ. මල්ලිටයි, මටයි රජිව් මාමාගේ පුත්තු දෙන්නටත් කන්නවත් තිබුණෙත් නැහැ.

පස්සේ රජිව් මාමාට මම කිව්වා කමක් නැහැ, මම කැමැතියි අම්ම සල්ලි හම්බ කරන විධියට සල්ලි හම්බ කරන්න කියලා. මම එහෙම කිව්වේ අපේ බඩගින්නට වෙන කරන්න දෙයක් තිබුණෙත් නැති නිසා. පිරිමිත් එක්ක ලිංගිකව හැසිරිලා සල්ලි වැඩියෙන් හොයන්න පුළුවන් කියල මම හිතුවා.

එහෙම කිව්වට පස්සේ රජිව් මාමා එයාගේ රත්මලාන ස්ටේෂන් එක ළඟ හෝටලයක් කරන කෙනකුට මගේ ගැන කිව්වා. පස්සෙ මාව අරගෙන ගිහින් එයාට දීලා රජිව් මාමා සල්ලි ගත්තා. මට සතයක්වත් ලැබුණේ නැහැ. මට එදා හොඳටම උණ ගත්තා. අමාරු වුණා.”

මෙලෙස කලක් යද්දී ශ්‍යාමලී ටිකෙන් ටික ගණිකාවක් බවට පත්වූවාය. වසර 15ක දැරියක් වූ ඇය සමඟ ලිංගිකව එක්වීමට බොහෝ දෙනා කැමැත්ත පළ කරමින් රජිව්ගෙන් ඇය ඉල්ලා පෙරැත්ත කළහ. රජිව් මුදලට ඇය විකුණුවේ එතැන් පටන්ය.

කොරෝනා වසංගතය උග්‍රවෙමින් රට පුරා සංචරණ සීමාවන් පැනවීම සිදුවූයේ ඔය අතරය. දැරිය ලිංගික අපයෝජනය සඳහා අන්තර්ජාලය ඔස්සේ වෙබ් අඩවියක දැන්වීමක් පළ කරන්නේ ඔය අතරය. ඒ සඳහා ඇය විකිණීමට යොදාගත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ සිවුමහල් ගොඩනැඟිල්ලක ලබාගත් එපාර්ට්මන්ට් එකක් තුළය.

සංචරණ සීමා පනවා තිබීම නිසා මෙම ක්‍රමය කාගේත් දැඩි අවධානයට ලක්නොවීය. අන්තර්ජාලය හරහා පළ කළ දැන්වීමට අනුව නොයෙකුත් ලිංගික ක්‍රියාවලියන් සඳහා අය කරන ගාස්තුද පළකර තිබිණි. දැන්වීමට අනුව විවිධාකාර පුද්ගලයන් එහි සඳහන් වූ දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය. ශ්‍යාමලී විකුණා රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ඉපයීමට රජිව් ගත් උත්සාහයද සාර්ථක විය. පහළොස් හැවිරිදි ශ්‍යාමලීගේ නිරුවත් ඡායාරූප පවා ගැනුම්කරුවන් වෙත යැවීමට පිරිස කටයුතු කළහ. වෙබ් අඩවිය ඔස්සේ පළ වූ දැන්වීමට අනුව විවිධාකාර තරාතිරම්වල පුද්ගලයන් වෙත ශ්‍යාමලී ගෙන ගොස් භාර දීම සිදුවිය. ඒ සඳහා ප්‍රධාන පෙළේ තැරැව්කරුවන් දෙදෙනකු විය. ඉන් එක් අයකු කාන්තාවකි. අඩු වයසින් හෙබි ශ්‍යාමලීව සමහර සලෙළුන්ට රජිව් ලබාදුන්නේ රුපියල් ලක්‍ෂ දෙකකටය. ලක්‍ෂ තුනකටය. ඇගේ මතකයේ එවන් පුද්ගලයන් කිහිපදෙනකුද විය.

“පොළොන්නරුවේ මහත්තයෙක්ට කන්‍යාවක් ඕන වෙලා තිබුණා. එයා ඉල්ලන ගාණක් දෙනවා කියලත් තිබුණෙ. හැබැයි කවදාවත් පිරිමි කෙනෙක් එක්ක හිටියේ නැති කෙනෙක් තමයි එයාට ඕන කියලා තිබුණේ. මම හිතන විධියට රජිව් මාමා මාව එයාට දීලා ලක්‍ෂ තුනහමාරක් හරි හතරක් හරි ගත්තා. ඒ මහත්තයා අන්තිමේදී මට රුපියල් පන්දාහක් දුන්නා.

මම ඒ සල්ලිවලින් මල්ලිට කන්න බත් එකක් ගත්තා. අපිට කන්නට හාල්, එළවළු බඩු ටිකක් ගත්තා. ඉතුරු සල්ලි රජිව් මාමාට දුන්නා. ඔහොම ගිය දවසට මට කීයක් හරි අතට ලැබුණොත් මම මල්ලිට මොනව හරි එයා ආස කෑමක් අරන් යනවා” ශ්‍යාමලී කියන්නීය. විමර්ශනයේදී අනාවරණය වූයේ ශ්‍යාමලී කන්‍යාවක් බව හඟවා පොළොන්නරුවේ කෝටිපති ව්‍යාපාරිකයකුට ඇය විකුණා රුපියල් ලක්‍ෂ තුනක් රැගෙන ඇති බවය. එම මුදලින් රුපියල් ලක්‍ෂ එකහමාර බැගින් රජිව් හා දැරිය විකිණීමට කතාබස් කළ තැරැව්කරු හා බෙදාගෙන තිබිණි.

අදාළ තැරැව්කරු පොලිසියට කොටුවන්නේ එම ව්‍යාපාරිකයාට තවත් තරුණියක් විකුණන්නට  ගෙනවිත් සිටියදීය. 21 හැවිරිදි ඇය රුපියල් ලක්‍ෂ දෙකක මිලකට විකිණීම සඳහා ගෙනවිත් තිබියදී පොලිසිය තැරැව්කරු හා තරුණිය අත්අඩංගුවට ගත් අතර එහිදී අනාවරණය වූයේ එම තරුණිය පිළිකා රෝගියකු බවය. ඇගේ වෙස් මාරුකර ගෙන තැරැව්කරු ඇය රැගෙන විත් ඇත්තේ රුපියල් විසිදාහක් දෙන පොරොන්දුව මතය.

මෙලෙස නානාවිධ පුද්ගලයන්ට විකිණී ගිය ශ්‍යාමලී ගල්කිස්ස පොලිසියට කොටුවන්නේ ඔය අතරය. ඒ ඇය මුදලට විකුණු මහ මොළකරු රජිව්ද සමඟය.

අවසානයේ මේ පිළිබඳ විමර්ශන කොළඹ ළමා හා කාන්තා කර්යාංශයට භාර වූ අතර ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත කෙරුණු විමර්ශනයේදී 15 හැවිරිදි දැරිය නොයෙකුත් තරාතිරම්වල පුද්ගලයන් විසින් අපයෝජනයට ලක්කර ඇති බව හෙළිවිය. ඒ ඇගේ ජංගම දුරකථනයෙන් ලබාගත් විශ්ලේෂණ වාර්තාවකට අනුවය. ඉමෝ, වට්ස්ඇප් හා වයිබර් තාක්‍ෂණය ඔස්සේ ඇය හා සම්බන්ධ වූ කාමාතුරයන් හෙළිකර ගැනීමට රහස් පොලිසියද සමත් විය. ඇය මුදලට ලබාගත් විවිධ වෘත්තිකයන් අතර මැණික් ව්‍යාපාරිකයකු, නැවක කපිතාන්වරයකු, චීවරධාරියකු, විශේෂ කාර්ය බළකා නිලධාරියකු, කෝටිපති ව්‍යාපාරිකයකු, බේකරි හිමිකරුවකු, දේශපාලනඥයකු, මාලදිවයිනේ හිටපු රාජ්‍ය ඇමැතිවරයකු ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයෝ ගණනාවක් සිටිති.

මොවුන් බොහෝමයක් පොලිස් අත්අඩංගුවට පත් වූයේ ළාබාල දැරියක් අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මතය. ඇගේ ජංගම දුරකථනයේ අංකයට ගත් විශ්ලේෂණ වාර්තා ඔස්සේ කළ විමර්ශනයේදී ඇය තමා සමඟ ලිංගිකව එක්වූ පුද්ගලයන් මෙන්ම ඇයට යහමින් මුදල් දුන් තැනැත්තන්ගේ නම් ගම් මෙන්ම දුරකථන අංකය ජංගම දුරකථනයේ “සේව්” කරගෙන තිබිණි. 

ශ්‍යාමලී සමඟ යහන්ගත වූ මොවුන් ඇයගේ පහස නැවත ලබාගැනීමේ අරමුණෙන් ඔවුන්ගේ නම්, ගම්, දුරකථන අංකද ඇයට ලබාදුන්නේ හීනෙකින්වත් මෙලෙස හිරේ ලගින්නට වෙතැයි නොසිතූ නිසාය.

“ඊට පස්සේ ඔයා මොනව හරි ඕන වුණොත් මට කෙළින්ම කතා කරන්න… සල්ලි ඕන නම් කියන්න…”

එක්තරා ව්‍යාපාරිකයෙක් ඇයට කියා තිබිණි

“රජිව්ට කියලා එන්න එපා. එයාට දෙන සල්ලිත් මම ඔයාට දෙන්නම්” තවත් හෝටල් හිමියකු ඇයට කීවේය. සමහරු, තැරැව්කරුවන් මඟහැර ඇය සමඟ යහන් ගත වීමට වෙර දැරීය. තවත් ඇය සමඟ යහන්ගත වූ කිහිපදෙනකු ඇය විවාහ කර ගැනීමටද කැමැත්ත පළකර තිබිණි.

පසුගියදා අත්අඩංගුවට පත්වූ විශේෂඥ වෛද්‍යවරයකුගේ නමද ඇගේ ජංගම දුරකථනයේ සටහන් වී තිබිණි. ඒ ‘ඩොක්ට දිමුතු’ ලෙසින්ය.

‘ඩොක්ට දිමුතුට’ ඇය කොල්ලුපිටිය ප්‍රදේශයට ගෙනවිත්දී තිබුණේ ශ්‍යාමලීව මෙවන් තත්ත්වයකට ඇද දැමූ දැනට හිරේ තපින රජිව් විසින්ය. රජිව්ගේ මොටෝ රියෙන් කොල්ලුපිටියට ගෙනා ශ්‍යාමලී එහිදී වෛද්‍යවරයාගේ රථයට නංවා තිබිණි.

තවත් වරෙක දැරිය ගල්කිස්ස හෝටලයකට රැගෙන යෑමටද ඔහුට ඇය ලබාදී තිබුණේ තැරැව්කරුමය. අත්අඩංගුවට ගත් පිරිස අතර ඇයව නානාවිධ පුද්ගලයන්ට විකුණු­ එම තැරැව්කරුද ඇය ප්‍රවාහනය කළ ත්‍රිරෝද රියැදුරාද මේ වන විට අත්අඩංගුවේ පසුවෙති. එමෙන්ම ඇයට හෝටල් කාමර ලබාදුන් හෝටල් හිමියන්ද කළමනාකරුවෝද ඒ අතර සිටිති. ඒ අනුව බ්‍රහස්පතින්දා වන විට පොලිසිය මඟින් මෙලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ පුද්ගලයන් සංඛ්‍යාව 35කි.

එමෙන්ම ඇය විකිණීම සඳහා අන්තර්ජාලයේ, වෙබ් අඩවි දෙකක දැන්වීම් පළ කළ පුද්ගලයන් හා වෙබ් අඩවි හිමිකරුවෝද දැනට හිරේ විලංගුවේ පසුවෙති. තවත් වෙබ් අඩවි තුනකට සම්බන්ධ පුද්ගලයන් සොයා මේ වන විටත් විමර්ශන සිදුකෙරේ.

මේ අතර කැලණිය ප්‍රදේශයේ හිමිනමක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒ පහළොස් හැවිරිදි දැරියගේ ජංගම දුරකථනයට අදාළ වට්ස්ඇප් මෘදුකාංගය ඔස්සේ විමර්ශන සිදුකරද්දීය.

ඒ අනුව පොලිසිය අනාවරණය කරගත්තේ මෙම දැරිය අදාළ හිමිනම විසින් අවස්ථා කිහිපයකදීම ලිංගික ක්‍රියාවන් සඳහා සිය විහාරස්ථානයට ගෙන්වාගෙන ඇති බවය. ඒ සඳහා ඇයට එක් වරකට මෙම හිමිනම රුපියල් විසිදහසක් ගෙවා තිබිණි.

පොලිසිය සැකකාර හිමි අත්අඩංගුයට ගෙන උන්වහන්සේගෙන් ඒ බව විමසීය. ඒ බාල වයස්කාර දැරිය සමඟ නිතර නිතර සම්බන්ධ වූයේ ඇයි දැයි යන්න දැනගැනීමටය.

“මම ඒ දුවගේ දුක සැප හොයලා බලන්න තමයි එහෙම කළේ…”

සැකකාර හිමිනම වරින්වර ඇය විහාරස්ථානයට ගෙන්වා ඇති අතර ඒ හැම වතාවකම ඇයට ලබාදිය යුතු මුදල අඩු කරගනිමින් ඇය සමඟ සබඳතා පවත්වා ඇතැයි කියති.

මේ වනවිට දැරියගේ මව තුන් මසක ගැබිනියකි. ඇය සිටින්නේ බන්ධනාගාරගතවය. බන්ධනාගාරයේ ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය හේතුවෙන් ඇගේ ගැබට හානියක් සිදුවිය හැකි බැවින් සැකකාරියට ඇප ලබාදෙන ලෙස ඇගේ නීතිඥවරයා කළ ඉල්ලීමට දැරියගේ මවට පසුගියදා ඇප නියම විය. රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත ඇය මුදා හැරිණි. එහෙත් සෑම ඉරු දිනකම පෙරවරු 9ත් 12ත් අතර කාලයේදී ළමා හා කාන්තා කාර්යාංශයේ පෙනී සිටින ලෙසද අධිකරණය ඇයට නියෝග කළේය.

එමෙන්ම අතවරයට පත්වූ පහළොස් හැවිරිදි දැරිය මේ වනවිට රඳවා ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාව ලබාදී ඇතැයි කියති.

කෙසේ වෙතත් ශ්‍යාමලීගේ කතාව අද මුළු රට පුරා මහත් ආන්දෝලනයක් ඇතිකරලීමට සමත් වී  තිබේ. ඇය අපයෝජනය කළ බව කියමින් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇති විවිධ තානාන්තර දරන පුද්ගලයන්ගේ පවුල් ජීවිත පවා මේ වන විට ගැටලු සහගත තත්ත්වයකට පත්ව තිබේ. සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයන්ගේ අඹු දරුවන් පවා සමාජයට මුහුණදීමට නොහැකිව සිටින බවද වාර්තා වේ.

මේ සියල්ලටම හේතු සාධක වූයේ පහළොස් හැවිරිදි ශ්‍යාමලී බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇය මෙවන් ඉරණමකට පත්වූයේ ඇගේ මවුපියන් නිසා බව මේ වන විට පැහැදිලිව පෙනේ. ඇය මෙලොවට බිහි කළ මව කුඩා වයසේදීම ඇයත් සිය බාල පුතණුවනුත් අතහැර වෙනත් පිරිමින් සමඟ දීගකෑම නිසා ඇයට මෙවන් සිද්ධීන් රැසකට මුහුණ දෙන්නට සිදුවිණි. මවගේ රැකවරණය, ආදරය, සෙනෙහස නැතිවීම නිසා පියාගේ ග්‍රහණයටද ගොදුරු වූ ඇය අද ළාබාල ගණිකාවක් වී හමාරය. මේ සියල්ල අද ඇයට හොඳින් තේරේ. තමාට අත්වී ඇති ඉරණමද ඇයට වැටහේ. මේ තත්ත්වයට තමා ඇද දැමීම ගැන ඇය දෙස් දෙවොල් තබන්නේ ඇය වැදූ මවටය. හිරේ සිටින පියාටය.

“මට මගේ අම්මා ගැන තියෙන්නේ පුදුම කලකිරීමක්.” ඇය කියන්නීය.

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරි රණසිංහ මහත්මියගේ අධීක්‍ෂණයෙන් පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීම මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මනෝජ් සමරසේකර ඇතුළු කණ්ඩායමක් රහස් පොලිසිය සමඟ එක්ව මේ පිළිබඳ පුළුල් පරීක්‍ෂණ පවත්වති.

(මෙහි පළවන ශ්‍යාමලී හා සුසිලා යනු මන–කල්පිත නම්ය.)

කීර්ති මෙන්ඩිස්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?