spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සරුංගල් යැවූ දරුවාට විදුලි සැර වැදිලා

සරුංගල් යවමින් සිටි පිරිමි දරුවෙකු විදුලිය සැර වැදී ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති පුවතක් කල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ කල්පිටිය, මාම්පූරිය ප්‍රදේශයේ පදිංචිව සිටින විදුසර ප්‍රනාන්දු නැමැති වයස අවුරුදු 13ක දරුවෙක්.

මෙම දරුවා ඊයේ (27) සවස කල්පිටිය – දළුව එළවළු මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති සමූකාර ග්‍රාමීය බැංකු ගොඩනැගිල්ලේ උඩු මහලේ සිට සරුංගල් යවමින් සිට තිබෙනවා.

එහිදී සරුංගලය විදුලි රැහැනක පැටලී ඇති අතර, විදුලි රැහැනේ පැටළුණු සරුංගලය මුදවා ගැනීමට දරුවා උත්සාහ කරන අවස්ථාවේදී ඔහුට විදුලිය සැර වැදී ඇති බවයි වාර්තා වුණේ.

පසුව ප්‍රදේශවාසීන් විසින් දරුවාව බේරාගෙන ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?