සර්ව පාක්ෂික සමුළුව අද – පොහොට්ටුව, ශ්‍රීලනිපය එයි – මාලිමාව බෑ කියද්දී සජබය වැට උඩ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව අද (26) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම සමුළුව සඳහා මෙරට සියලුම දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වෙත ලිඛිතව ආරාධනා කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජාතික සංහිඳියාව ගොඩනැඟීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන සහ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙම සර්වපාක්ෂික සමුළුවේ දී අවධානය යොමු කිරීමට නියමිතයි.

එමෙන්ම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදි වැඩි අවධානයක් යොමු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

අද කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය වන පොදුජන පෙරමුණ සහභාගී වන බව දැනුම් දී තිබෙනවා.

මෙරට ප්‍රධාන විපක්ෂයවන සමඟි ජන බලවේගය පවසන්නේ සමුළුවට සහභාගී වනවා ද නැද්ද යන්න පිළිබඳ තීරණය අද (26) උදෑසන දැනුම් දෙන බවයි.

එමෙන්ම මෙම සර්ව පාක්ෂික සමුළුව සඳහා තම පක්ෂය සහභාගී නොවන බව ජාතික ජන බලවේගය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම සමුළුවට සහභාගී වන බව දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41

?