AFC Banner
Empty Ad
Empty Ad

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් ඉදිරිපත් වූ යෝජනා අද එළිදකී

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් දේශපාලන පක්ෂ සමඟ සිදුකළ සාකච්ඡාවලදී එම පක්ෂ ඉදිරිපත් කළ යෝජනා අද (08) දිනයේ දී ඊට සහභාගී වූ සියලු පක්ෂවලට පොදුවේ ලබාදීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනා දේශපාලන පක්ෂ වෙත ලබාදීමට නියමිත බව සඳහන්.

සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහයෝගය ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා පසුගිය දා විවෘත ආරාධනයක් කළා.

ඊට සාධනීය ප්‍රතිචාරය දැක්වූ පර්ලිමෙන්තුව නියෝජන කරන ඇතැම් දේශපාලන පක්ෂ සර්ව පාක්ෂික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සකච්ඡා කිරීමට එක් වුණා.

මේ අතර තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අතර මෙම සතියේදී ද සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?