සරසවි සිසුවියකගේ නිරුවත් ඡායාරූපයක් මුදාහළ සිසුවෙක්ට අධිකරණයෙන් දැඩි තීන්දුවක්

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූපයක් රුපියල් 500ක මුදලක් රැගෙන වට්සැප් සමූහයක් වෙත යොමු කළ ශිෂ්‍යයෙකුට රුපියල් 5000 දඩයක් ගෙවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (15) නියෝග කළා.

එම දඩ නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරිය අගතියට පත් විශ්වවිද්‍යාල දැරියට රුපියල් 50000ක වන්දියක් ගෙවන ලෙසට ද නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් ගොනු කළ පැමිණිල්ලක් අනුව අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීම හේතුවෙන් සැකකාර විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට මෙම දඩ හා වන්දි මුදල් නියම කළා.

අසභ්‍ය ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ඇතුළු චෝදනාවන් දෙකක් සැකකරුට ගොනු කර තිබුණා.

අදාළ චෝදනාවන් කියවාදීමෙන් පසුව අදාළ චෝදනාවන්ට වැරදිකරු වන බවට පිළිගන්නා බව විත්තිකරු විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කළා.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන තම සේවාදායකයා මුල් අවස්ථාවේ දී ම වරද පිළිගන්නා බව සඳහන් කළා.

විත්තිකරු එම විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගේ ඉල්ලීම පරිදි රුපියල් පන්සියයක් රැගෙන අදාළ ඡායාරූපය වට්සැප් සමූහයක් වෙත යොමු කර ඇති බවත්,එම සැකකාර ශිෂ්‍යයා හෝ පැමිණිලිකාරිය කිසිසේත් හඳුනන පුද්ගලයින් නොවන බවත්,විශ්වවිද්‍යාලයට ඇතුළු වූ පළමු වසරේදීම සිදු කරගත් මෙම අවාසනාවන්ත ක්‍රියාව සම්බන්ධයෙන් විත්තිකරු වසරක් තිස්සේ පසුතැවෙන බවත්,නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා.

ඒ අනුව සුදුසු අවම දණ්ඩනයක් නියම කරන ලෙසට ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇමතූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇද්ද යන්න පිළිබඳව රහස් පොලිසියෙන් විමසා සිටියා.

ඊට ප්‍රතිචාර දැක්වූ රහස් පොලිසියේ සඳහන් කර සිටියේ පැමිණීලිකාර විශ්වවිද්‍යාල ශිෂ්‍යාව සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගෙන ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවත්,ඔහු විසින් මෙම සැකකරුට අදාළ ඡායාරූපය පළ කිරීම සඳහා යොමු කර ඇති බවත්ය.

අගතියට පත් පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් පැමිණිලිකාර ශිෂ්‍යාව අදාළ සිදුවීමෙන් පසුව සියදිව නසා ගැනීමට පවා පෙළඹී ඇති බවත් ,වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව ඇය යථා තත්ත්වයට පැමිණ ඇති බවත් සඳහන් කළා.

එහිදී පැමිණිලිකාර ශිෂ්‍යයාව අධිකරණය ඉදිරියට කැඳ වූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පැමිණිලිකාරිය තවමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් දැයි විමසා සිටියා.

ඊට සිය නීතිඥවරයා මාර්ගයෙන් කරුණු දැක්වූ පැමිණිලිකාරී ශිෂ්‍යාව ඇය තවමත් අධ්‍යාපනය ලබන බවත්,වරද පිළිගත් සැකකරුගෙන් රුපියල් පනස් දහසක වන්දියක් බලාපොරොත්තු වන බවත් සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වින්දිත තැනැත්තියට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසට විත්තිකරුට නියෝග කරමින් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34