සරලව දානය පිළියෙල කරන්න : ඕමල්පේ සෝභිත හිමියන් ගෙන් ඉල්ලීමක්

මේ දුෂ්කර අවස්ථාවේ භික්‍ෂූන් වහන්සේලාට දානය සකස් කිරීමේදී වෑංඡනයකට දෙකකට සීමා කර ඉතාමත් සරලව දානය පිළියෙල කරන්නැයි සමස්ත භික්‍ෂූ පරපුර වෙනුවෙන් සියලූ පිංවතුන්ට කරුණාවෙන් මතක් කරන බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසනවා.

‘දායක පින්වතුන්ගේ කාරුණික අනුග‍්‍රහයෙන් තමයි භික්‍ෂූන් වහන්සේලා යැපෙන්නේ. භාණ්ඩවල මිල පාලනය සම්පූර්ණයෙන් ම ගිලිහිලා රජයක පාලනයක් වන බවක් පේන්න නැතිකම වර්තමානයේ ඇති ලොකුම ගැටලූවයි.

‘ඒ නිසා දායකදායිකාවන් දානමාන පිරිනැමීමේ දී ඉතාම අපහසුතාවකට පත්වන බව ඉතාමත් ම පැහැදිලියි. එබැවින් මේ දුෂ්කර අවස්ථාව සලකලා සරල විදියට දානමාන ආදිය සකස් කරන ලෙස සමස්ත භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන්ම දායක දායිකාවන්ගෙන් ඉල්ලා සිටිනවා.

‘විශාල වශයෙක් පුදපූජා වැනි දේ සංවිධානය කරන්න එපා. ප‍්‍රදර්ශනාත්මක දානමානාදී පුදපූජා සංවිධානය කරන්න එපා. ඉතාමත් සරලව අවස්ථානුකූලව, දානය සකස් කරන්න කියලා අපේ පිංවතුන්ට කරුණාවෙන් මතක් කරනවා.

ඇඹිලිපිටියේ පැවැති මාධ්‍ය හමුවකදී ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මේ බව ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11