AFC Banner
AFC Banner
Empty Ad

සරලව දානය පිළියෙල කරන්න : ඕමල්පේ සෝභිත හිමියන් ගෙන් ඉල්ලීමක්

මේ දුෂ්කර අවස්ථාවේ භික්‍ෂූන් වහන්සේලාට දානය සකස් කිරීමේදී වෑංඡනයකට දෙකකට සීමා කර ඉතාමත් සරලව දානය පිළියෙල කරන්නැයි සමස්ත භික්‍ෂූ පරපුර වෙනුවෙන් සියලූ පිංවතුන්ට කරුණාවෙන් මතක් කරන බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසනවා.

‘දායක පින්වතුන්ගේ කාරුණික අනුග‍්‍රහයෙන් තමයි භික්‍ෂූන් වහන්සේලා යැපෙන්නේ. භාණ්ඩවල මිල පාලනය සම්පූර්ණයෙන් ම ගිලිහිලා රජයක පාලනයක් වන බවක් පේන්න නැතිකම වර්තමානයේ ඇති ලොකුම ගැටලූවයි.

‘ඒ නිසා දායකදායිකාවන් දානමාන පිරිනැමීමේ දී ඉතාම අපහසුතාවකට පත්වන බව ඉතාමත් ම පැහැදිලියි. එබැවින් මේ දුෂ්කර අවස්ථාව සලකලා සරල විදියට දානමාන ආදිය සකස් කරන ලෙස සමස්ත භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන්ම දායක දායිකාවන්ගෙන් ඉල්ලා සිටිනවා.

‘විශාල වශයෙක් පුදපූජා වැනි දේ සංවිධානය කරන්න එපා. ප‍්‍රදර්ශනාත්මක දානමානාදී පුදපූජා සංවිධානය කරන්න එපා. ඉතාමත් සරලව අවස්ථානුකූලව, දානය සකස් කරන්න කියලා අපේ පිංවතුන්ට කරුණාවෙන් මතක් කරනවා.

ඇඹිලිපිටියේ පැවැති මාධ්‍ය හමුවකදී ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මේ බව ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?