සරණ ගුණවර්ධනගේ නඩුව ලබන ජනවාරි 08 වැනිදාට කල්යයි

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් යටතේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහි ගොනු කර තිබෙන නඩුව අද (25) කොළඹ මහාධිකරණ හමුවේ විභාගයට ගනු ලැබුවා.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවා තිබෙනවා.

එහිදී අල්ලස් කොමිසමේ නීතිඥවරයාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි මස 08 වැනිදා දක්වා කල් තැබුවා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුලී පදනම යටතේ වාහන ලබාගැනීමේදී රජයට පාඩු සිදු කළේ යයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට විරුද්ධව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?