සයනයිට් කා මියගිය බවට සැක කෙරෙන පුද්ගලයකුගේ මළ සිරුරක් මහරගම දුම්රියපොළ පාරේ ලැගුම්හලක තිබී අද උදැසන සොයාගත් බව මහරගම පොලිසිය පවසයි
මෙසේ මියගොස් ඇත්තේ වතුගෙදර පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පැවසීය.
මෙම පුද්ගලයා ඊයේ සවස එකයි තිහට පමණ මෙම ලැගුම්හලට පැමිණ ඇති අතර සවස හයට පමණ පිටව යන බවට ලැගුම්හලට පවසා තිබේ.
එහෙත් ඔහු පිටව නොයාම නිසා සැකසිතී කාමරය පරීක්ෂා කිරීමේ දි ඇඳ මත වැටී සිටිනු එහි සේවකයෙකු දැක පොලිසිය දැනුවත් කර ඇත.
ඒ අනුව මහරගම පොලිසියේ නිලධාරීන් හා නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී මෙම පුද්ගලයා මීට පෙර සයනයිට් කා මියගිය හෝමාගම ප්රදේශයේ පුද්ගලයාගේ අවමගුල් කටයුතු සිදුකළ ප්රදේශයේ නිවසට පැමිණ සිටි අයෙකු බවට තොරතුරක් අනාවරණය වී තිබේ.
ඒ අනුව මෙම පුද්ගලයා ඉහත පුද්ගලයාගේ අනුගාමිකයකු බවටත් ඔහු විසින් පැවැත්වූ දේශනා සඳහා සහභාගී වී ඇති බවටත් මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.
මොහු මිය ගිය ස්ථානයේ තිබී සයනයිඩ් බවට සැකකරණ බෑගයක්, වතුර බෝතලයක්, ජංගම දුරකථන දෙකක් තිබී හමුවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
