සමූපකාර ෂෙඩ්වල ගැටලු විසඳන්න විශේෂ සාකච්ඡාවක්

සමූපකාරවලට අයත් ඉන්ධන පිරවුම්හල්වල ගැටලු විසදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යාංශයේදී.

සමූපකාරවලට අයත් ඉන්ධන පිරවුම්හලවලට අදාළව පවතින විවිධ ගැටලු විසදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යාංශයේ දී පැවැත් වුණා.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ සමූපකාර සමිති සභාපතිවරු සමඟින් මෙම සාකච්ඡාව පැවැත් වුණා.

මෙහිදී සමූපකාර ඉන්ධන පිරවුම්හල්වලට ලබාදෙන වට්ටම්, ණය පදනම මත ඉන්ධන නිකුත්කිරීම, ඉන්ධන පිරවුම්හල් අයත් ඉඩම් හිමිකාරීත්වය පිළිබදව ඇති ගැටලු මෙන්ම ඉන්ධන පිරවුම්හල් ඉදිකිරීම හෝ අලුත්වැඩියාකිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා.

මෙම සාකච්ඡාව සඳහා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය ආමාත්‍ය උපාලි සමරසිංහ, ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා, ඛණිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාර මෙන්ම බලශක්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, සමූකාර සමිති සභාපතිවරු, සාමාන්‍යාධිකාරීවරු ඇතුළු පිරිසක් සහභාගීව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22
Video thumbnail
24 වෙනිදා රටම හොල්ලන සජබයේ උද්ඝෝෂණය ගැන ප්‍රබලයෙක් හෙළිකරයි
04:50
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:06:37
Video thumbnail
සාක්ෂි ගැන අහද්දි සජබ රෝහණට උත්තර නැතිවුණාද ?මෙතන කියන්න බෑ...මාව අපහසුතාවයට පත් කරන්න එපා
01:11
Video thumbnail
පැරදුණත් යන්නේ නැති තැන් මේ - කළින් හිටියේ පිල් මාරු කරපු මන්ත්‍රීවරයෙක්..දැන් හොරකම් කරන්නේ නෑ
02:37
Video thumbnail
විනිසුරුවරුන් සෙට් එකම මැ#ණොත් කොහොමද නඩු වේගවත් කරන්නේ ?නඩු ඉවර කර ගන්න සජබයෙන් දුන් විකල්ප
02:14
Video thumbnail
අපි සදාකාලිකව දේශපාලනයේ ඉන්නේ නෑ - පැරදුණොත් එළියේ..මේ යන්නේ ඒකාධිපති ගමන් මාර්ගයක්
08:58
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42