සමූපකාර මූලධර්ම ප්‍රවර්ධනය කිරීමට නිකුත් කෙරුණු VISION සඟරාවේ මංගල කලාපය

සණස මාධ්‍ය ජාලය විසින් සණස ව්‍යාපාරයේ සමුපකාර මූලධර්ම ප්‍රවර්ධනය කිරීම සඳහා ‘VISION’ සිංහල සඟරාව නිල වශයෙන් එළිදැක්වීමේ උත්සවය ඊයේ (29) පැවැත්වුණා.

ඒ බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේ දියි.

ජාතික හා ජාත්‍යන්තර තලයේ සමුපකාර සංවර්ධනය, ව්‍යවසායකත්වය සහ ආර්ථික පරිවර්තනය පිළිබඳ සාකච්ඡා පෝෂණය කිරීම මෙම සඟරාවේ අරමුණයි.

සණස ආකෘතියේ සාර්ථකත්වය ඉස්මතු කිරීමෙන්, VISION ග්‍රාමීය ආර්ථිකයක් නඟා සිටුවීමේ දී සමුපකාරවල බලය පිළිබඳ ව දැනුවත් කිරීම සණස සමූහයේ ඒකායන පරමාර්ථය බවත් සඳහන් වනවා.

සමුපකාර පුවත්පත් කලාවේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීම සඳහා මෙදින සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්‍ය පී. ඒ. කිරිවන්දෙනිය මහතාගේ මූලිකත්වයෙන් ප්‍රධාන ආරාධනය පිළිගෙන ලංකාදීප පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිරී රණසිංහ මහතා සහභාගී වූ අතර මේ අවස්ථාව සඳහා සණස සමූහයේ ආයතන 14 හි නිලධාරීන් හා විද්වත් වෘත්තිකයන් රැසක් සහභාගී වූ බවත් වාර්තා වනවා.

මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා, ඩියෝ උපාය මාර්ගික උපදේශන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඩෙන්සිල් ඉන්ද්‍රජිත් පෙරේරා මහතා, සණස ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා සාමදානි කිරිවන්දෙනිය මහත්මිය සහ එම සඟරාවේ ප්‍රධාන කර්තෘ කුල ශ්‍රී කාරියවසම් ඇතුළු ක්ෂේත්‍රයේ ගෞරවනීය විශේෂඥයින් සහභාගී වූ අර්ථවත් සංවාදමය වැඩසටහනක් පැවැත්වීම මෙම උත්සවයේ විශේෂ අවස්ථාවක් වුණා.

ශ්‍රී ලංකාවේ මූල්‍ය හා සමාජීය අංශ ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති සණස ව්‍යාපාරයේ මුලපිරීමක් ලෙස, මෙම සඟරාව දේශීය හා ජාත්‍යන්තර විශේෂඥයින්ගේ තීක්ෂණ බුද්ධිය සම්ප්‍රේෂණය කරන වේදිකාවක් ලෙස ජන හදවත් පෝෂණය කරනු ඇතයි අප බලාපොරොත්තුවක් වනවා.

සමුපකාර සංවර්ධනයේ අනාගතය හැඩ ගැස්වීමට අපේක්ෂා කරන ප්‍රකාශනයක් වන සණස හි සම්ප්‍රාප්තිය මෙලෙස සනිටුහන් කරමින් එක් වූ සියලු‍ දෙනා වෙත සණස මාධ්‍ය ජාලයේ විශේෂ ස්තුතිය ද පුද කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27