සමූපකාර ක්ෂේත්‍රයේ ගැටලු ගැන විශේෂ සාකච්ඡාවක්

සමූපකාර ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡාකිරීමට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාරවරුන්, පළාත් සමූපකාර අමාත්‍යංශය ලේකම්වරුන්, පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් සහ රෙජිස්ට්‍රාර්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැත් වුණා.

එහිදී අදහස් දක්වමින් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සියලු පාරිභෝගික සේවාවන් එක් ස්ථානයකින් සංතෘප්ත කර ගත හැකි කෝප් සිටි (Coop City) ප්‍රධාන නගරවල ස්ථාපනය කිරීමට කටයුතු කරන බව පැවැසුවා.

ඒකීය සන්නාමයක් යටතේ සමුපකාර නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීම සඳහා වූ වැඩ පිළිවෙලක් සකස් කිරීම මෙන්ම ප්‍රාදේශීය වෙළඳසැල් මිනි කෝප් සිටි ලෙස පරිවර්තනය කර ග්‍රාමීය ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

මෙම රැස්වීමේදී සමූපකාර සමිතිවල වර්තමාන තත්ත්වය, පවතින ගැටලු හා ඒවා නිරාකරණය කරගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබුවා.

එහිදී සමූපකාර සමිතිවල විශාල මූල්‍ය වංචා සිදුව ඇති බව පෙන්වා දුන් අමාත්‍ය වසන්ත සමරසිංහ ඉදිරියේදී එම තත්ත්වයන් සිදුවීම වළක්වා ගැනීම සඳහා පළාත් සමූපකාර වල විගණන අංශ ශක්තිමත් කලයුතු බව පැවසුවා.

මෙහිදී පැමිණි නිලධාරීන් සමූපකාර සමිතිවල සභාපති ධුරය දරණ කාල සීමාව සංශෝධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළා.

ඒ අනුව සමූපකාර සමිතිවල සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ධූර දරණ කාල සීමාවන් සඳහා යම් සීමාවන් පැනවීමෙන් සිදුවන දූෂණ සහ ආක්‍රමිකතා මගහරවා ගැනීමට හැකි වන බව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නිලධාරීන් පැවැසුවා.

ඇතැම් සමුපකාර සමිති වල තැන්පතු හා ණය සඳහා අධික පොලියක් අය කිරීම, ලියාපදිංචි කළ සමුපකාර සමිති ලියාපදිංචි කිරීමේ අරමුණින් බැහැරව පෞද්ගලික ව්‍යාපාර ලෙස පවත්වාගෙන යාම සහ සමුපකාර සමිතිවල ඉඩම් හා දේපළ වෙනත් පුද්ගලයන් විසින් අත්පත් කර ගැනීම ආදී ගැටලු පිළිබඳවද සාකච්ඡා කරනු ලැබුවා.

ඒ, අනුව සමූපකාරවල පවතින සියලු ගැටලු නිරාකරණය කරගනිමින් ඒවා සමූපකාර මගින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට විශේෂ සැළසුම් කිහිපයක් සකස් කර ඇති බව අමාත්‍යවරයා පැවසුවා.

එහිදී ප්‍රධාන නගරවල ස්ථාපනය කිරීමට අපේක්ෂිත කෝප් සිටි (Coop City) මගින් සමුපකාර නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කිරීම සඳහා වූ වැඩ පිළිවෙලක් සකස් කිරීමටත් සමුපකාර සමිති සඳහා ණය ආධාර ලබාදීමේ දී සමුපකාර සංවර්ධන අරමුදල මගින් කෝප් සිටි නගා සිටුවීමට අවශ්‍ය ණය පහසුකම් ලබාදීමටද අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම සියලුම පළාත් සභා සඳහා පොදු සමුපකාර ප්‍රඥප්තියක් මෙන්ම සියලුම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභා සඳහා පොදු නෛතික රාමුවක් සකස් කිරීමටද සැළසුම් කර ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04