සමුලුවක් සඳහා ජනපති ඉන්දියාවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන සතියේ ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට සූදානම් වනවා.

ඒ ඉන්දියාවේ පැවැත්වෙන ගෝලීය දකුණු සමුළුවේ හඬ” (VGSS) සඳහා සහභාගී වීමටයි.

මේ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමුළුව සඳහා සහභාගී වන ලෝක නායකයින් 21 දෙනා අතරට ඇතුළත් වනු ඇති.

සමුළුව ජනවාරි 12 සහ 13 යන දිනවල පැවැත්වෙන අතර එහි මුලසුන දරනු ලබන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින්.

ආසියාවේ රටවල්වලට අමතරව අප්‍රිකානු කලාපයේ රටවල් පහක (ඇන්ගෝලා, ඝානා, නයිජීරියාව, මොසැම්බික්, සෙනගල්), නියෝජිතයන් ද එක්වනවා.

තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය මෙන්ම උස්බෙකිස්තානය, මොංගෝලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, පැපුවා නිව්ගිනියාව වැනි රටවල නායකයින් ද මීට එක්වීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

සමුලුව සැසි 10 කින් සමන්විත වන අතර, ආරම්භක සහ අවසන් සැසිය අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙන් සහ ඉතිරි අට අමාත්‍ය මණ්ඩල මට්ටමින් පැවැත්වෙනවා.

අමාත්‍ය මණ්ඩල සැසිවාර මුදල්, පරිසර, විදේශ, බලශක්ති, සෞඛ්‍ය, අධ්‍යාපන සහ වෙළඳ මට්ටමින් පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

සමාරම්භක නායකයින්ගේ සැසියේ තේමාව “ගෝලීය දකුණේ හඬ – මානව කේන්ද්‍රීය සංවර්ධනය සඳහා” වන අතර අවසාන නායකයින්ගේ සැසියේ තේමාව වන්නේ “හඬේ එකමුතුකම – අරමුණේ එකමුතුකම” යන්නයි.

ජනවාරි 12 වැනි දින සැසි හතරක් ද ජනවාරි 13 වැනි දින සැසි හයක් ද පැවැත් වෙනවා. ස

මස්තයක් වශයෙන්, ඉන්දියාව මෙම සමුළුව සඳහා රටවල් 120 කට ආරාධනා කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25