සමාව ගත්තත් සිදුකරන පරීක්ෂණ නවතන්නේ නැහැ – මහජන ආරක්ෂක ඇමති

කිසියම් පුද්ගලයෙක් වරදක් සිදුකර සමාව ගත්ත ද, එම වරද සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පහසුවෙන් අතහැර දැමිය නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියක නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර ආගමික සංහිදියාවට බලපෑම් එල්ලවන පරිදි ප්‍රකාශයන් සිදුකළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද (22) දිනයේ මෙරටට පැමිණෙන බවට ඊයේ තොරතුරු වාර්තා වුණා.

මේ වනවිට විදෙස් ගතව සිටින ඔහු ඊයේ (21) මෙරට පැවති මෙහෙයකට සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් දේවගැතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර තම ප්‍රකාශය හේතුවෙන් බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් බැතිමතුන්ට සිදු වූ හිත්රිදවීම සම්බන්ධයන් තමා සමාව අයැද සිටින බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සිදුකළ ආගමික සංහිදියාවට බලපෑම් එල්ලවන ප්‍රකාශත් සමඟ ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර සිටියා.

ඒ, අනුව ඔහුට රටින් පිටවීම වළක්වාලමින් පසුගිය දා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළ අතර, එම නියෝගය නිකුත්කරන අවස්ථාව වනවිටත් ඔහු මෙරටින් පිටව සිංගප්පූරුව බලා ගොස් තිබුණා.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යවරයා අද (22) පැවැත් වූ මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ තමාගේ ජීවිත ආරක්ෂාවට මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇති බවට බුද්ධි අංශ වාර්තා කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
12
+1
0
+1
1
+1
5
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උතුරේ ගිනි ඇවිලෙයි - අපේ භූමිය අපිට ඕනේ, හමුදාව ඉවත්වෙනු
02:35
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
00:00
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:35
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයට යන ජනතාවගෙන් පොලිසිය කළ ඉල්ලීම
03:08
Video thumbnail
ගුජරාට් ප්‍රාන්තයේ සිට සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:48
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවට දිලිත් සැරටම දෙයි
07:08
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීම
20:16
Video thumbnail
බන්ධනාගාර රැඳවියන් 49කට ජනාධිපති සමාව
00:52
Video thumbnail
විනාශ වීගෙන යන ක්‍රිකට් ගැන හිටපු ක්‍රීඩා ඇමති කිව්ව දේ..අපේ කොල්ලන්ට හූ කියන්න එපා
04:40
Video thumbnail
බදුල්ලේ වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..මෙන්න නවතම දර්ශන
01:33


?