පවතින ආපදා තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය මඟින් ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරියේ කිහිපදෙනෙක්ට එරෙහිව මඩ ප්‍රහාර දියත්වන බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.
ජනාධිපතිවරයාට ඇතුළු අනෙකුත් දේශපාලනය අධිකාරියට මඩ ප්‍රහාර එල්ල කිරීම සාමාන්‍යයීකරණය විය හැකි බවත් එසේ වුවහොත් ඉකුත් 28 වැනිදා මහජන ආරක්ෂක පනතේ 5 වෙනි වගන්තියට යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග, හදිසි අවස්ථා රෙගුලාසි යටතේ නිතිය ක්‍රියාත්මක කරන ලෙස නියෝජ්‍ය අමාතවරයා විසින් පොලිසියට උපදෙස් ලබාදෙනු ලැබුවා.
හදිසි අවස්ථා රෙගුලාසිවල 20 ,21 වගන්තිවල මෙම තත්වය ආවරණය කර ඇති බවත්, භෞතිකව, online, AI තාක්ෂනය මඟින් සහ ඒ ආකාරයකින් මෙම ව්‍යවසනකාරී තත්වය පිළිබද අසත්‍ය අදහස්, විකෘති කිරීම සහ මෙම තත්වය අඩාල කිරීමේ අර්ථයෙන් කිසිඳු කෙනෙකුට ප්‍රචාර කටයුතු කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.





