සමාජ මාධ්‍යවලට ඇමරිකාවේ පාසල්වලින් නඩු

පාසල් ළමුන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කරන බවට චෝදනා කරමින් ඇමෙරිකාවේ සියැටල් නගරයේ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 100 ක ප්‍රධානීන් මෙටා, බයිට් ඩාන්ස්, ඇල්ෆබට් සහ ස්නැප් සමාගම්වලට විරුද්ධව සියැටල් හිෆෙඩරල් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

මෙටා, බයිට් ඩාන්ස්, ඇල්ෆබට් සහ ස්නැප් සමාගම් යනු සමාජ මාධ්‍ය ජාලාවල හිමිකාරිත්වය දරන මවු සමාගම් වනවා.

ටික්ටොක් මවු සමාගම වන බයිට් ඩාන්ස් පාසල් යන වයසේ ළමුන් විශාල සංඛ්‍යාවක් ටික්ටොක් වෙත ආකර්ෂණය කරගෙන ඇති අතර බවත් එම ළමුන්ගේ මානසික සෞඛ්‍ය පිරිහී ඇති බවයි පාසල් බලධාරීන් විසින් ගොනු කළ චෝදනාවේ සඳහන් වන්නේ.

පාසල් ළමුන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් කාංසාව සහ ආතතිය ඇතුළු මානසික ප්‍රශ්නවලට මුහුණ දී ඇති බවත් ඒ හේතුවෙන් පාසල්වලට ළමුන්ගේ අධ්‍යාපන ඉලක්ක සපුරාලීම කළ නොහැකි වී ඇතැයි ද එම පාසල් පෙන්වා දී තිබෙනවා.

මෙම පාසල් 100 තුළ ළමුන් 50,000ක් පමණ ඉගෙනුම ලබන බවත් ඇමෙරිකාවේ අධ්‍යාපන කලාපයක් මෙවැනි ආකාරයේ නඩුවක් ගොනු කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

තරුණයින් අතර මානසික සෞඛ්‍ය අර්බුදයට TikTok, Instagram, Facebook, YouTube සහ Snapchat පිටුපස සිටින තාක්‍ෂණ දැවැන්තයින්ට වගකිව යුතු බවයි මෙමගින් පෙන්වා දී ඇත්තේ.

පිටු 91 කින් යුත් පැමිණිල්ලේ සඳහන් වන්නේ සමාජ මාධ්‍ය සමාගම් තම නිෂ්පාදන ළමයින් ඉලක්ක කර ගනිමින් කටයුතු කිරීම හමුවේ මහජන පීඩාවක් නිර්මාණය කර ඇති බවයි.

කාංසාව, මානසික අවපීඩනය, අක්‍රමවත් ආහාර ගැනීම සහ අන්තර්ජාල හිංසන ඇතුළුව මානසික සෞඛ්‍යය සහ චර්යාත්මක ආබාධ සඳහා මෙමගින් මග පෑදෙන බවටයි පාසල් චෝදනා කරන්නේ.

කෙසේවෙතත් Meta, Google, Snap සහ TikTok ආයතන මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?