සමාජ මාධ්‍යවලට ඇමරිකාවේ පාසල්වලින් නඩු

පාසල් ළමුන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කරන බවට චෝදනා කරමින් ඇමෙරිකාවේ සියැටල් නගරයේ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 100 ක ප්‍රධානීන් මෙටා, බයිට් ඩාන්ස්, ඇල්ෆබට් සහ ස්නැප් සමාගම්වලට විරුද්ධව සියැටල් හිෆෙඩරල් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

මෙටා, බයිට් ඩාන්ස්, ඇල්ෆබට් සහ ස්නැප් සමාගම් යනු සමාජ මාධ්‍ය ජාලාවල හිමිකාරිත්වය දරන මවු සමාගම් වනවා.

ටික්ටොක් මවු සමාගම වන බයිට් ඩාන්ස් පාසල් යන වයසේ ළමුන් විශාල සංඛ්‍යාවක් ටික්ටොක් වෙත ආකර්ෂණය කරගෙන ඇති අතර බවත් එම ළමුන්ගේ මානසික සෞඛ්‍ය පිරිහී ඇති බවයි පාසල් බලධාරීන් විසින් ගොනු කළ චෝදනාවේ සඳහන් වන්නේ.

පාසල් ළමුන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් කාංසාව සහ ආතතිය ඇතුළු මානසික ප්‍රශ්නවලට මුහුණ දී ඇති බවත් ඒ හේතුවෙන් පාසල්වලට ළමුන්ගේ අධ්‍යාපන ඉලක්ක සපුරාලීම කළ නොහැකි වී ඇතැයි ද එම පාසල් පෙන්වා දී තිබෙනවා.

මෙම පාසල් 100 තුළ ළමුන් 50,000ක් පමණ ඉගෙනුම ලබන බවත් ඇමෙරිකාවේ අධ්‍යාපන කලාපයක් මෙවැනි ආකාරයේ නඩුවක් ගොනු කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

තරුණයින් අතර මානසික සෞඛ්‍ය අර්බුදයට TikTok, Instagram, Facebook, YouTube සහ Snapchat පිටුපස සිටින තාක්‍ෂණ දැවැන්තයින්ට වගකිව යුතු බවයි මෙමගින් පෙන්වා දී ඇත්තේ.

පිටු 91 කින් යුත් පැමිණිල්ලේ සඳහන් වන්නේ සමාජ මාධ්‍ය සමාගම් තම නිෂ්පාදන ළමයින් ඉලක්ක කර ගනිමින් කටයුතු කිරීම හමුවේ මහජන පීඩාවක් නිර්මාණය කර ඇති බවයි.

කාංසාව, මානසික අවපීඩනය, අක්‍රමවත් ආහාර ගැනීම සහ අන්තර්ජාල හිංසන ඇතුළුව මානසික සෞඛ්‍යය සහ චර්යාත්මක ආබාධ සඳහා මෙමගින් මග පෑදෙන බවටයි පාසල් චෝදනා කරන්නේ.

කෙසේවෙතත් Meta, Google, Snap සහ TikTok ආයතන මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?