සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පොහෝ දිනය අදයි – ‘දසත බෝපත’ කටුනායක බෝධි රතනාරාමයේ දී

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබෙනවා.

ආගමික සහ ශාසනික වැදගත්කම් රැසකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝ වැසි බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පොහොය දිනයක් ලෙසයි සැලකෙන්නේ.

බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර, උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේ දී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැළණියට වැඩම කළේ ද අද වැනි වෙසක් පොහොය දිනකවීම විශේෂත්වයක්.

මේ අතර ශ්‍රී පාද වන්දනා සමය ද අදට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් අවසන් වනවා .

පසුගිය වසරේ උඳුවප් පොහෝ දිනයෙන් සිරිපා වන්දනා සමය ඇරඹී අතර, ශ්‍රී පාද වන්දනා සමය අවසන් වීමත් සමඟ උඩමළුවේ තැන්පත් කර ඇති සමන්දේව ප්‍රතිමා වහන්සේ යළි පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවීමට නියමිතයි.

මේ අතර සම්බුදු තෙමඟුල වෙනුවෙන් දසත මාධ්‍ය ජාලය සංවිධානය කරන ‘දසත බෝපත’ වෙසක් සජීවි විකාශය කටුනායක බෝධි රතනාරාම විහාරස්ථානයේ සිට අද දිනය පුරා ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02