spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සම්බාහනය කරගන්න ආ පුද්ගලයෙක් හදිසියේම මිය ගිහින්

දෙහිවල – මහරගම ප්‍රධාන මාර්ගයේ ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් තුළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව බොරලැස්ගමුව පොලිසිය පවසනවා.

එම පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ එම සම්බාහන මධ්‍යස්ථානයෙන් සේවා ලබාගැනීමට පසුගිය 29 වනදා රාත්‍රියේ පැමිණි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

මෙම පුද්ගලයාට සම්බාහන මධ්‍යස්ථානය තුළ දී ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය යන්නට ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
7
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?