spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“සම්ප්‍රදාය සහ වෙනස” චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

ප්‍රවීන චිත්‍ර ශිල්පී, කලාශූරී එස්. එච්. සරත් මහතාගේ “සම්ප්‍රදාය සහ වෙනස” චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) එක් වී තිබෙනවා.

සී. ඩබ්ලිව්. කන්නන්ගර මාවතේ පිහිටි සියම් නිවසේ (Siam House) මැයි මස 23 වැනිදා ඇරඹි චිත්‍ර ප්‍රදර්ශනය ජූලි මස 04 වැනිදා දක්වා පැවැත් වීමටයි සැලසුම් කර ඇත්තේ.

එස්.එච්. සරත් මහතාගේ පනස් වසරක කලා ජීවිතයේ වසර 40 ක කාල පරාසයක් තුළ සිතුවමට නඟන ලද එදිනෙදා ජීවන සබඳතා සහ පරිසරය පිළිබඳ චිත්‍ර මෙම ප්‍රදර්ශනයට එක් කර තිබෙනවා.

චිත්‍ර ප්‍රදර්ශනය නැරඹූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර එස්.එච්. සරත් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?