සමනලී රන්ජන් ගැන තැබූ විශේෂ සටහන

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 4ක් සිරගත කෙරුණු රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් ජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා සිය ෆේස්බුක් පිටුවේ අපූරු සටහනක් තබා තිබේ.

මේ දැක්වෙන්නේ එම සටහනය.

“රන්ජන් රාමනායකගේ කලා භාවිතාව හා දේශපාලන භාවිතාව පිළිබඳව කුමන විවේචනයක් තිබුන ද ඔහුගේ අවංකත්වය හා නිර්භීත බව අගය කළ යුතුය. පාර්ලිමේන්තුවට යන බොහෝ කලාකරුවන් මෙන් දේශපාලනය නිසා රංජන් කලාවෙන් සමු ගත්තේ නැති අතරම දේශපාලනය නිසා ඔහු ඔහුගේ සරල, ජනප්‍රිය, ගැලරියේ කලාව වෙනස් කර ගත්තේ ද නැත.

එමෙන්ම ප්‍රතිපත්තියක් නැති දේශපාලන පක්ෂයක් දිගින් දිගටම නියෝජනය කළ ද ඔහු ඔහුගේ විවේචනමය මැදිහත්වීම අවශ්‍ය තැනදී සිදු කළේය.

ස්ත්‍රිය ගැන ඔහු දරණ මතය ඉතාම පසුගාමී, අදේශපාලනික මතයක් වුව ද මැද පෙරදිග විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ඔහුගේ මැදිහත්වීම ඇතුලු තවත් බොහෝ ප්‍රගතිශීලී මැදිහත්වීම් අමතක කළ නොහැක.

පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සහ පුරවැසියකු ලෙස ඔහුගේ ඡන්ද බලය අහිමි කිරීම දක්වා රංජන්ගේ දඬුවම දිගුවීමට යයි නම්, එය ඉතාමත් අසාධාරණ මෙන්ම මර්ධනීය ක්‍රියාවක් බව පැහැදිලිය.

කිසිඳු සැඟවුණු න්‍යාය පත්‍රයකින් තොරව, පොදු ජනතාව වෙනුවෙන් සැමදා පෙනීසිටීමට උත්සාහා කළ රන්ජන් වෙනුවෙන් සාධාරණය ඉටු විය යුතුමය…!

ඔහු වෙනුවෙන් අප පෙළගැසිය යුතුමය…!”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34