සබරගමුව මහ සමන් දේවාලයේ නිලවරණයට පනවා තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා ඉකුත් 11 වැනිදා පැවැත්වීමට නියම කර තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය මැයි මස 15 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ පෙත්සම අද (20) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ. එම්.එස්. දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ එම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම්; ඒවා මාර්තු මස 14 වැනිදාට පෙර ගොනුකරන ලෙසයි.

ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 26 පෙර ගොනුකරන ලෙසත් අධිකරණය නියෝග කළා.

එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කර තිබූ එස්.වී. චන්ද්‍රසිංහ මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණා.

පෙත්සම්කරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ඉකුත් 11 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම සඳහා තමා ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් මීට පෙර අභියාචනාධිකරණය මඟින් අතුරු නියෝගයක් නිකුත් කර තිබූ බවයි.

යම් හෙයකින් ඉදිරියේදී පැවැත්වෙන නඩු විභාගයේ දී තමන්ව අදාළ දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කිරීමට ගත් තීරණය නීත්‍යානුකූල බවට තීන්දුවක් ලැබුණහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිලවරණයේදී තමාට ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අවස්ථාව අහිමි කිරීම තුළින් දැඩි අසාධාරණයක් සිදුවන බවත් ඔහු කියා සිටියා.

ඊට අමතරව සිය සේවාදායකයා සබරගමුව මහ සමන් දේවාලයේ භාරකරු වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව එම තනතුරු අහෝසි කිරීමට වග උත්තරකරුවන් කටයුතු කර තිබෙන බවත් එය නීතියට පටහැනි බවත් පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටියා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම අතුරු නියෝගය නිකුත් කර තිබුණා.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ චාමර නානායක්කාරවසම් මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:39
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
02:48
Video thumbnail
පක්ෂ 50කට ආරාධනා කළා..කැම්බල් නම් ශ්‍රී ලංකා තමයි..බය වෙන්න දෙයක් නෑ
02:31
Video thumbnail
හැකර්ලගෙන් බම්බු තමයි ගන්න වෙන්නේ..JVP එක හෙළුවෙන් නටන්නේ - චාමර ආණ්ඩුවට දුන්න සැර හින්ට් එක
02:44
Video thumbnail
චාමර සම්පත් කැම්බල් පිටිය නිරීක්ෂණයට ගැම්මට එයි..ආණ්ඩුව පලවා හැරීමේ පළවෙනි රැල්ලනේ මේ
02:53
Video thumbnail
පසන් කස්තුරි මාලිමාවේ හඬ පටයක් ලීක් කරයි ?.."මහින්දලාගේ ගේමක් තමයි මේක"ඔන්න සාක්ෂි
07:33
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32